IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දුනීසියාවේ බන්ධනාගාරයකින් රැඳෙවියෝ 150 දෙනෙක් පැන යති

ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දුපතේ මෙඩන් නුවර ප‍්‍රධාන බන්ධනාගාරයෙන් රැඳෙවියෝ 150 දෙනෙක් පෙරේදා (11) රාති‍්‍රයේ පැන ගියහ.

පලා ගිය පිරිස අතර, ඉන්දුනීසියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන වරදකරුවන් වී බන්ධනාගාරගත කරන ලද ඉස්ලාමීය ත‍්‍රස්තවාදීහු පිරිසක් ද සිටිති.

රැඳෙවියන් පලා ගියේ සුමාත‍්‍රා දිවයිනේ ටන්ජුන් ගුස්ටා බන්ධනාගාරයෙනි. පලා යෑම සිදුවීමට පෙර බන්ධනාගාරයේ කැරැල්ලක් සහ ගින්නක් ද හටගත්තේය.

ඊට හේතුව වූයේ බන්ධනාගාර නියාමකවරුන් බන්ධනාගාරයේ විදුලි බලය සහ ජලය පැය කිහිපයකට කපා හැරීමට පියවර ගැනීම නිසාය. කැරැල්ලත් සමඟ රැඳෙවියන් සහ නියාමකවරුන් අතර හටගත් ගැටුමින් රැුඳෙවියෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 40 දෙනෙක් තුවාල ලැබූහ.

රැඳෙවියන් පලා ගොස් ඇත්තේ ගින්න නිවා දැමීමට බන්ධනාගාර ගිනි නිවන භටයන් පැමිණි අවස්ථාවේදීය.

බන්ධනාගාරයේ ඉඩකඩ ඇත්තේ රැඳෙවියන් 1,054 දෙනකුට පමණක් වුව ද ගින්න හටගන්නා අවස්ථාවේ එහි රැඳෙවියෝ 2,600 ක් සිටි බව ඉන්දුනීසියාවේ අධිකරණ සහ මානව හිමිකම් සුරැකීමේ අමත්‍යාංශය වෙනුවෙන් එහි ප‍්‍රකාශක ගොන්කැන් රහාරෝ කියා සිටියේය.

පැනගිය රැුඳෙවියන් සොයා පෙරේදා රාති‍්‍රයේම මෙහෙයුම් ඇරැඹිණි. ඊට ඉන්දුනීසියා පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් 1,000 කට වැඩි පිරිසක් යෙදවිණි. ඊයේ (12) සවස් වනවිට පැනගිය සැකකරුවන්ගෙන් 33 දෙනකු අල්ලා ගැනීමට පොලිසියට හැකි වී තිබුණි.



අදහස් (0)

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයකින් රැඳෙවියෝ 150 දෙනෙක් පැන යති

ඉන්දික Sunday, 14 July 2013 01:09 AM

තව ටික දවසකින් එහෙනම් ප්‍රතිපල එලියට ඒවි රාමසාන් එක්කම.(නදී)

:       0       0

හේරත් Sunday, 14 July 2013 09:08 AM

උපදෙස් ලංකාවෙන්ද? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 14 July 2013 10:53 AM

මාමස්මින් ! ඔන්න උත්තරේ (දී)

:       0       0

රුවන් කුරුප්පු Saturday, 13 July 2013 07:20 AM

අපේ වගේ කම්බස් කරන්න තියෙන්නේ.(නදී)

:       0       0

ආනන්ද ආර් Saturday, 13 July 2013 09:11 PM

අපේ එස් ටී එෆ් එකට භාර දුන්න නම් වැඩේ ගොඩ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site