එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හමුවී සාකච්ඡුා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසා ඇත.

‘‘සමුළුව අතරේ මා සූදානම් වෙනවා අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගන්න. විශේෂයෙන් පාකිස්තාන අගමැති ෂරීෆ් හමුවන්න මා සූදානම්” යැයි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව යෑමට පෙර ඉන්දීය අගමැති සිං මාධය හමුවේ කියා සිටියේය.  
ඉන්දු පාකිස්තාන කාශ්මීර දේශසීමා අර්බුද සම්බන්ධයෙන් අගමැතිවරුන් දෙදෙනා සාකච්ඡා පවත්වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.