IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉදිරි ජනපතිවරණයෙන් සූකී දිනුවොත් මියන්මාර ජනපතිනිය ලෙස පිළිගන්නවා

ඉදිරියේදී මියන්මාරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්  එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ජයග‍්‍රහණය කළ හොත් ඇය ජනපතිනිය ලෙස පිළිගැනීමට තමා සූදානම් බව මියන්මාර වත්මන් ජනපති තේන් සේන් ඊයේ(30) ප‍්‍රකාශ කළේය. කෙසේ වූවත් ඇය ජනාධිපති ධූරයට පත්වීමට බාධාවක්ව පවතින නීති සංශෝධනය තමාට තනිව කළ නොහැක්කක් බව ද ජනාධිපතිවරයා බී.බී.සී රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය. මියන්මාර ජනාධිපතිවරයා මේ වන විට සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණ සිටින අතර එරට විපක්ෂ නායිකා සූ කී ද දශක දෙකකට පමණ පසුව ඇමෙරිකාවට පැමිණ සිටී. මේ දෙපල පසුගියදා නිව්යෝර්ක් නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වූ බවත් එය මියන්මාර දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජනපති තේන් සේන් සහ සූකී අතර පැවැති සාකච්ඡාවලදී කිසිදු ගැටලූකාරී තත්ත්වයක් මතු නොවුණ බව බී.බී.සී පුවත්සේවය පවසයි. ‘ජනතාව සූකී රටේ නායිකාව ලෙස පිළිගන්නවා නම් මා ද එය පිළිගත යුතුයි. අප දැන් එකමුතුව කටයුතු කරනවා.’ එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති තේන් සේන් වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර ජනාධිපතිවරයා සඳහන් කළේ සූ කී ජනාධිපති ධූරයට පත්වීම කරා යන ගමනේ බාධකයක්ව පවතින නීතී සංශෝධනය තමාට තනිව කළ නොහැක්කක් බවත් ඊට වත්මන් රජයේ අනෙකුත් දේශපාලනඥයන්ගේ සහ ජනතාවගේ සහාය අවැසි බවත්ය. මියන්මාර ජනාධිපතිවරණය 2015 වසරේදී පැවැත්වීමට නියමිතය. මියන්මාර ව්‍යවස්ථාවට අනුව විදේශිකයන්ට නෑකම් කියන එරට පුරවැසියකුට රටේ ඉහළ තනතුරක් දැරීම තහනම් වේ. සූ කී ගේ සැමියා බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. ඇයගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ ද බටහිර රටකය. මේ තත්ත්වය සූ කීගේ ජනාධිපති ධූරයට තේරී පත්වීමට බාධාවක්ව පවතී. මීට පෙර මියන්මාර හමුදා පාලනයේ ප‍්‍රබල චරිතයක් වූ තේන් සේන් බලයට පත්වීමෙන් අනතුරුව සූකී ඇතුළු දේශපාලන සිරකරුවන් සියගණනක් නිදහස් කළේය. මෙම කි‍්‍රයාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට ලක් වූ අතර එහි ප‍්‍රතිඵලයක් වූයේ බටහිර රටවල් මියන්මාරයට පනවා තිබූ සම්බාධක රැසක් ද ඉවත් කිරීමයි. මියන්මාර ජනපති මැදුරේදී  ජනපති තේන් සේන්, සූකී  හමුවූ අවස්ථාවක්



අදහස් (0)

ඉදිරි ජනපතිවරණයෙන් සූකී දිනුවොත් මියන්මාර ජනපතිනිය ලෙස පිළිගන්නවා

ඉරේෂ් කුවේට් Tuesday, 02 October 2012 10:45 AM

අපි නම් බාටා සෙරෙප්පු දාගෙන ඉන්නේ..!(නු)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 02:58 AM

බුරුමයටත් දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

මධූ Monday, 01 October 2012 12:52 PM

ඒකටත් එක්ක අපේ රටේ ?????????????? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site