ඉදිරියේදී මියන්මාරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ජයග‍්‍රහණය කළ හොත් ඇය ජනපතිනිය ලෙස පිළිගැනීමට තමා සූදානම් බව මියන්මාර වත්මන් ජනපති තේන් සේන් ඊයේ(30) ප‍්‍රකාශ කළේය.
කෙසේ වූවත් ඇය ජනාධිපති ධූරයට පත්වීමට බාධාවක්ව පවතින නීති සංශෝධනය තමාට තනිව කළ නොහැක්කක් බව ද ජනාධිපතිවරයා බී.බී.සී රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
මියන්මාර ජනාධිපතිවරයා මේ වන විට සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණ සිටින අතර එරට විපක්ෂ නායිකා සූ කී ද දශක දෙකකට පමණ පසුව ඇමෙරිකාවට පැමිණ සිටී. මේ දෙපල පසුගියදා නිව්යෝර්ක් නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වූ බවත් එය මියන්මාර දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ජනපති තේන් සේන් සහ සූකී අතර පැවැති සාකච්ඡාවලදී කිසිදු ගැටලූකාරී තත්ත්වයක් මතු නොවුණ බව බී.බී.සී පුවත්සේවය පවසයි.
‘ජනතාව සූකී රටේ නායිකාව ලෙස පිළිගන්නවා නම් මා ද එය පිළිගත යුතුයි. අප දැන් එකමුතුව කටයුතු කරනවා.’ එම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති තේන් සේන් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරයා සඳහන් කළේ සූ කී ජනාධිපති ධූරයට පත්වීම කරා යන ගමනේ බාධකයක්ව පවතින නීතී සංශෝධනය තමාට තනිව කළ නොහැක්කක් බවත් ඊට වත්මන් රජයේ අනෙකුත් දේශපාලනඥයන්ගේ සහ ජනතාවගේ සහාය අවැසි බවත්ය. මියන්මාර ජනාධිපතිවරණය 2015 වසරේදී පැවැත්වීමට නියමිතය.
මියන්මාර ව්‍යවස්ථාවට අනුව විදේශිකයන්ට නෑකම් කියන එරට පුරවැසියකුට රටේ ඉහළ තනතුරක් දැරීම තහනම් වේ. සූ කී ගේ සැමියා බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. ඇයගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ ද බටහිර රටකය. මේ තත්ත්වය සූ කීගේ ජනාධිපති ධූරයට තේරී පත්වීමට බාධාවක්ව පවතී.
මීට පෙර මියන්මාර හමුදා පාලනයේ ප‍්‍රබල චරිතයක් වූ තේන් සේන් බලයට පත්වීමෙන් අනතුරුව සූකී ඇතුළු දේශපාලන සිරකරුවන් සියගණනක් නිදහස් කළේය. මෙම කි‍්‍රයාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට ලක් වූ අතර එහි ප‍්‍රතිඵලයක් වූයේ බටහිර රටවල් මියන්මාරයට පනවා තිබූ සම්බාධක රැසක් ද ඉවත් කිරීමයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් බාටා සෙරෙප්පු දාගෙන ඉන්නේ..!(නු)
බුරුමයටත් දෙවියන්ගේම පිහිටයි. (නි)
ඒකටත් එක්ක අපේ රටේ ?????????????? (ස)