සුබ සාධන සේවා සහ රැකියා කප්පාදු කිරීමට ඉතාලි අගමැති එන්රිකෝ ලෙටාගේ රජය ගත් තීරණයට විරෝධය පළ කරමින්, ඊයේ (20) රෝම අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වුණු අතර පොලිසිය ඊට හරස් වූ අවස්ථාවේදී, විරෝධතා කරුවෝ පොලිසිය සමඟ දරුණු ගැටුම් ඇති කර ගත්හ.
විරෝධතාව පැවැත් වූයේ, ඉතාලි මුදල් අමත්‍යාංශය ඉදිරිපිටය. විරෝධතා රැලියට දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ. ඔවුහු රජයට බල කරන්න වූයේ, සුබසාධන සේවා සහ රැකියා කප්පාදු කිරීම් වහා නවත්වන ලෙසටය.
වෙස් මුහුණු පැළැඳි විරෝධතා කරුවන් පිරිසක්, අමත්‍යාංශ ගොඩනැගිල්ලට පහර දීමටත් මෝටර් රථවලට පහර දී ගිනි තැබීමටත් පටන් ගත් අවස්ථාවේදී පොලිසිය කි‍්‍රයාක්මක විය.
පොලිස් නිලධාරීහු විරෝධතා කරුවන්ට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාර එල්ල කළහ. විරෝධතාකරුවෝ ගල්වලින් සහ කුණු බිත්තරවලින් පොලිස් නිලධාරීන්ට පහර දෙන්න වූහ.
පොලිසිය කියා සිටියේ විරෝධතාකරුවන් 50 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවය.
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ඉතාලි අගමැති එන්රිකෝ ලෙටාගේ රජය, පසුගිය දා තවත් අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ, ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී එරට සන්ධාන රජයෙන්, ඔහුගේ පක්ෂයේ ඇමැතිවරුන් ඉවත් කර ගැනීමට සූදානම් වීම නිසාය.
එම අර්බුදය සම්බන්ධයෙන්, අගමැති එන්රිකෝ ලෙටා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කිරීම සඳහා පැවැත්වුණු ඡන්ද විමසුමෙන් අගමැති ලෙටා ජයග‍්‍රහණය කළේය. ඒ අනුව, හටගත් අර්බුදය තාවකාලිකව සන්සුන් වූයේ යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
මේ වනවිට, දුෂණ වංචා චෝදනා එල්ල වී සිටින හිටපු අගමැති සිල්වියෝ බර්ලූස්කොනීගේ ප‍්‍රජා අයිතිය වසර දෙදකට තහනම් කිරීමට ද රෝම අගනුවර අභියාචනා අධිකරණයක් තීන්දු කර ඇත.
|
විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙමින් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කියන්න 90%ක්ම ඉතාලියේ ඉන්න නුගත් ලාංකිකයෝ තමයි මේවත් කරලා තියෙන්නේ කියලා. (ස)
අනිත් රටවල් වල ඉන්නේ ඔලුව පැලෙන්න ඉගෙන ගත්තු බුද්ධිමත්තු. එහෙත් ඒ බුද්ධිමත්තු දන්නේ නැහැ පොත් පත් වල දැනීම පමණක් ප්‍රයෝගික නැහැ කියලා .....පොත් ගුල්ලෝ (ස)
මේ අවස්ථාවේදී ඉතාලි රජය වහාම ලංකා රජයේ සහය පැතිය යුතුයි. (නි)
කාටවත් බැරිද ලංකාවෙන් උදව් ඉල්ලලා දෙන්න මෙය මැඩ පවත්වන්න. (නි)
ලංකාවේ උනානම් ඉතින් ඩෝන් තමයි. (නදී)
බර්ලුස්කෝනිට ඉතාලිය ගොඩ ගන්න පුළුවන්. බර්ලුස්කෝනිට ජයවේවා! (නි)
ලංකාවේ මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වගේ පිස්සු නටන්න ගියා නම් අපේ අය අඩුම තරමේ අවම බලය යොදවා හෝ මල්ටි බැරල් ප්‍රහාරයක්වත් එලල් කරාවී (නි)