ඉතාලියේ ඇවෙලීනෝ නුවරට නුදුරු ස්ථානයක දී මගී බස් රියක් අඩි 100 ක ප‍්‍රපාතයකට පෙරැලීමෙන් එහි සිටි 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුරින් 11 දෙනෙක් තුවාල ලැබූහ. තුවාලකරුවන් අතර කුඩා දරුවෝ ද සිටිති.
බස් රිය ප‍්‍රපාතයට පෙරැළී ගියේ එහි වේගය පාලනය කර ගැනීමට රියැදුරුට නොහැකි වූ හේතුවෙනි.
බසය පෙරැලූණේ අඩි 100 ක් ගැඹුරු ප‍්‍රපාතයකටය. අනතුරට ලක් වෙද්දී බසයේ 49 දෙනෙක් සිටියහ. අනතුර ගැන වැඩි දුර පරීක්ෂණ මේ වනවිට ආරම්භ ර ඇත.
වෛද්‍ය ආධාරකරුවන් සහ සහන සේවකයනට පොඩි පට්ටම් වූ බස්රියේ සිරවී සිටි පිරිස් පිටතට ගැනීමට ඉමහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය. තුවාලකරුවන් අතර කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බව පැවැසෙයි. තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.
|
අනතුරට ලක් වූ බස්රිය දොඹකරයකින් ඔසවාගෙන යමින්... |
2025 දෙසැම්බර් මස 18
83
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉතාලි බස් රියක් ප‍්‍රපාතයකට පෙරැළේ
ලංකා Tuesday, 30 July 2013 06:06 PM
අද උදේ ඉඳලම රූපවාහිනියේ පෙන්නුවේ ඕකමයි. පවු අහිංසක මිනිස්සු .අඩන හැටි දැක්කම අපිටත් දුකයි.මිනී පෙට්ටි 38 පෝලිමට තියෙනවා දැක්කම හරිම දුකයි. සියළු දෙනාටම මොක් සුව පතමි. (නි)
විශ්ව Tuesday, 30 July 2013 02:04 PM
මේ මම ඉන්න නගරයේ මිනිස්සු, දැන් අවසන් කටයුතු සිදු වෙනවා,මුළු රටම එකම මල ගෙයක් වගේ, (දී)
ගාමිණී-සිරි Tuesday, 30 July 2013 09:21 PM
මෙම රිය අණතුර සිදුවී ඇත්තේ අධි වේගී මාර්ගයකින් පිට තට පැනීමක් බව පෙනී යනවා. අධි වේගී උනත්, සාමාන්‍ය වේගී උනත් ,වාහනයේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව ගැන වැඩි සළකිකිලිමත් වීම ගැන රියදුරා , සිතිය යුතුයි. අද දිනයේ මම ඛෙදවාචකය ගැන මුළු ඉතාලියම කම්පා වෙනවා !!ඉතාමත් සෝචනීය පුවතක් .(අ)