ඉතාලියේ ඇවෙලීනෝ නුවරට නුදුරු ස්ථානයක දී මගී බස් රියක් අඩි 100 ක ප‍්‍රපාතයකට පෙරැලීමෙන් එහි සිටි 37 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුරින් 11 දෙනෙක් තුවාල ලැබූහ. තුවාලකරුවන් අතර කුඩා දරුවෝ ද සිටිති.
බස් රිය ප‍්‍රපාතයට පෙරැළී ගියේ එහි වේගය පාලනය කර ගැනීමට රියැදුරුට නොහැකි වූ හේතුවෙනි.
 බසය පෙරැලූණේ අඩි 100 ක් ගැඹුරු ප‍්‍රපාතයකටය. අනතුරට ලක් වෙද්දී බසයේ 49 දෙනෙක් සිටියහ. අනතුර ගැන වැඩි දුර පරීක්ෂණ මේ වනවිට ආරම්භ ර ඇත.
වෛද්‍ය ආධාරකරුවන් සහ සහන සේවකයනට පොඩි පට්ටම් වූ බස්රියේ සිරවී සිටි පිරිස් පිටතට ගැනීමට ඉමහත් පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය. තුවාලකරුවන් අතර කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බව පැවැසෙයි. තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

අනතුරට ලක් වූ බස්රිය දොඹකරයකින් ඔසවාගෙන යමින්...