පසුගිය සෙනසුරාදා මගින් 165දෙනෙකුගෙ ජිවිත බේරාගත් ඉතාලි ජාතික ගුවන් නියමු ජන්ලුකා රෙබෙත්ති මර්තින් වීරත්වයට පත්වෙමින් සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා ගුවන් නියමු සංගමය ද ඔහුට සුබපැතීය. ජන්ලුකා මර්තින් මෙසේ කියයි. හංගේරියාවේ විෂ් ගුවන් සමාගමට අයත් එයාර් බස් 320 යානය බුකරස්ට් නුවර සිට චින්පිනෝ ගුවන් තොටුපලට රැගෙන ඒම මට පැවරුණා.
නියමිත වේලාවේදී යානය පහත් කරන්න රෝද ක්‍රියාත්මක කළා. වම් පස රෝදය ක්‍රියාත්මක උනේ නැහැ.ගුවන් පාලක මැදිරියෙන් උපදෙස් පැතුවා. දිග ධාවන පථයක් තියෙන ෆියුමිචිනෝ ගුවන්තොටුපළට යානය හරවා ඉදිරිපස හා දකුණු පස රෝදය පමණක් උපයෝගී කරගනිමින් වම්පස ඇන්ජිම ක්‍රියා විරහිත කර මම යානය ගොඩබස්සන්න සුදානම් වුණා.
ගිනි ගැනීමේ අවදානමක් තිබුනත් මනස සැහැල්ලු කරගනිමින් අභියෝගයට මුහුණ දුන් නිසා මගේ මගීන්ගේ ජිවිත බේරගන්න මට පුළුවන් වුණා. යානයේ ගමන්ගත් ගැබිණි කාන්තාවක් මාධ්‍ය හමුවේ මෙසේ කීය. මම ගොඩක් බය උනා. ඒ නිසා යටි බඩ රිදෙන්න ගත්තා. රෝහල් වෛද්‍යවරුන් කියන්නේ දරු ගැබට මොනවත් වෙලා නැහැ කියලයි. ඔහු මිහිපිට දෙවියෙක්. මගේ දරුවගේ ජිවිතේ මෙන්ම අපි හැමෝගෙම ජිවිත ඔහු බේරුවා. යුක්රේන් ජාතික මගියෙකු කියනුයේ මෙවැනි කතාවකි. යානය පොළොවේ වදිනකොට මම මරණය සිහිකළා. නමුත් ජිවත් වෙන්න මට වාසනාව තිබුනා. කවදා හෝ සිදුවන මගේ මරණයේ අන්තිම මොහොතෙත් ජන්ලුකා මර්තින් කියන නාමය මට සිහියට නැගේවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මිහිපිට දෙවියෙක්. (නි)
පිටිගල, ඔයා දවසට පැය දෙකක්වත් ඔලුවෙන් හිටගෙන ඉන්න (නි)
මගලි,අර සේනාවට ගියොත් නේද හොඳ මෙතැන කාලෙ කන්නේ නැතුව.(නදී)
ඔබ තුමා කල මෙම වීර ක්‍රියාව ඇත්ත වශයෙන්ම ප්‍රශංසනීයයි. ඔබ සැබෑම විරුවෙකි. ඔබට මගේ සුභ පැතුම්. මටත් ඕනේ දවසක ඔබ වගේ දක්ෂ ගුවන් නියමුවෙක් වෙලා මෙහෙම සේවය කරන්න. ඔබට ජයවේවා!(නදී)
බලාගෙන යනකොට ලංකාවෙනෙ වැඩිපුරම ගුවන් නියමුවෝ ඉන්නේ .(නදී)
ගුවන් නියමුතුමා ,ඉතාමත් විශිෂ්ට සේවයක් සහ මන සංගමයකින් මේ සියලු දෙනාව අනතුරෙන් මුදවාගෙන තියෙනවා. හද පිරි ප්‍රණාමය ඔබට! මේකට අදහස් දමන මෝඩයෙක් ඉන්නවා, හැමවෙලාවෙම යන්නේ කොහෙද මල්ලේ පොල් (නි)
පිටිගලගේ ඇගපුරාම මොලේ... (නි)
මම හිතන්නේ පිටිගල මහත්තයා පයිලට් කෙනෙක් වුනා නම් හොදයි කියලා. වම් පස එන්ජිම ක්‍රියා විරහිත කලහම පියාසර බලය අඩු වීමෙන් බර වැඩි වෙනවා මිසක් කොහොමද බර අඩු වෙන්නේ මහත්තයෝ? එන්ජිම ක්‍රියා විරහිත කරන්නේ ගිනි ගැනීමේ අවදානම අඩු කරන්න නෙමේද එතකොට? (නි)
මම දැක්කා පිටිගල කියලා මහත්මයෙක් කියලා තියෙනවා මෙය සාමාන්‍ය තත්වයක් බවත් වම් පස එන්ජිම ක්‍රියා විරහිත කෙරුවහම වම් පැත්ත සැහැල්ලු වෙනවා කියලා. එහෙම වෙනවා නම් ප්ලේන් එකට එන්ජින් මොකටද? එන්ජින් දෙකම ක්‍රියා විරහිත කෙරුවහම ප්ලේන් එක තවත් සැහැල්ලු වෙලා ඉබේම පාවෙලා යන්නෙ නැතෑ... මම දන්න විදියට නම් එන්ජිම ඕෆ් කරන්නේ ඒ පැත්තේ එන්ජිම බිම වැදිලා හානි වුනහම ගිනි ගැනීම් අවදානමක් තියෙන නිසා. ප්ලේන් එක ධාවන පථයේ බැලන්ස් කරගන්න සකසා ගන්නේ වම් පැත්තේ තටුවේ තිබෙන ඉන්ධන දකුණු පැත්තට පොම්ප කිරීම මගින් හෝ වම් පැත්තේ එම ඉන්ධන ඉවර වෙනකන්ම ගුවනේ රැඳී සිටීම මගින්. එවිටයි දකුණු පස රෝදය දෙසට ගුරුත්වජ කේන්ද්‍රය එන්නේ. (නි)
නවීන තාක්ෂනය සහ විද්‍යාවේ අලුත් දේවල් සොයා ගෙන යන්. ඔබව විස්මිත කරාවී. (නි)
ගුවන් නියමුවානෙනි , ඔබගේ සහයකයින් ලෙස පිටිගල මිලානෝ සහ නයන ශ්‍රී බඳවා ගන්න.(නදී)
ඉතාලි ගුවන් නියමුවාගේ වීරත්වයට සුබ පතනවා වගේම 165 දෙනෙකුගේ ජීවිත බේරාගත්තාට ලොකු සම්මාන හා ත්‍යාගයන් පිරිනැමීම ගුවන් සමාගමේත් ,ඉතාලි රජයේත් යුතුකමක් වෙනවා.(නදී)
ඇත්තටම විශිෂ්ටයි ඔබ වගේ නියමුවන්ට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.(නදී)
ඇත්තටම ඔබ සැබෑ ගුවන් නියමුවෙනි. මහත්මයාණෙනි ඔබට දීර්ගායුෂ.(නදී)
මෙය සාමාන්‍ය දෙයකි මන්ද යත්, මෙම ගුවන්යානය ගොඩ බාද්දී වම පස රෝද එලියට ආවේ නැත. එවිට වම්පස එන්ජිම ක්‍රියා විරහිත කෙරීමෙන් වම් පස බල රහිත සැහැල්ලු තත්වයකට පත්වේ. 'ගති විදාත්මක' නියමයන් පරිදි යානයේ ගුරුත්ව බලය දකුණට ආදී යනවා. එවිට දකුණට ඇලවී යානය ධාවන පථයට පතිත වී වේගය අඩු වූ විට වමට අලවෙනවා.(නදී)
අපි ඕවා දන්නේ නැහැ. නමුත් සුබ පතනවා.(නදී)
පිටිගල දන්න තරම තමයි ඔය (නි)
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!(නදී)
දෙවියන්ගේ ආශීර්වාදය මගීන්ට කරදරයක් වෙන්න කලින් ලැබෙන්න තිබුනේ නේද ?මොකද දෙවියන්ගේ ආශීර්වාදය තිබුනානම් ඔහොම වෙන්නේ නැ.(නදී)
ඔබට සුබ පැතුම්.ඔබ වෘත්තියට ආභරණයක්. (නි)