
ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන් රෝමයේ ගැමේලි රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයකින් හේතුවෙනි.
පසුව රෝගය උත්සන්න වූ බවත්, 88 හැවිරිදි පාප්තුමන්, නිව්මෝනියාවෙන් පීඩා විඳින බවත් වෛද්‍යවරු පැවැසුවේ බිය පළ කරමිනි. කෙසේ නමුත් අවසානයේ සිදු කළ රුධිර පරීක්ෂණ වාර්තා අනුව, මේ වනවිට පාප්තුමන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වෛද්‍යවරුන් උපුටා දක්වමින් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රෝහලේදී තමන් පාප්තුමන් මුණ ගැසුණු බවත්, එතුමන් තමන් සමඟ සුපුරුදු පරිදි සුහදව කතා කළ බව ඉතාලි අග්‍රාමාත්‍යවරිය රෝහලෙන් පිටවී යද්දී, මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාප් තුමා මිනිසුන්ගේ ප්‍රශ්න/ලෙඩ සුව කරන්න විශේෂ දේව මෙහෙයවල් තිබෙනවා. එතුමට අසනීප වූනාම හොස්පිටල් එකට ගිහිල්ල ප්‍රතිකාර ලබා ගන්නවා ඩොක්ටර්ලාගෙන් . මොකක්ද මේ ඩබල් ගේම් එක? අපි ෆුල් කන්ෆියුස්