අවසන් දින පහේදී ලොව විවිධ රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැසීය.
ඉකුත් දින පහක කාලයේදී දෛනිකව ආසාදිතයන් ලක්ෂයක් බැගින් වාර්තා වූ බවත් හෙතෙම කීය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ නවතම තතු දැනුම්දීම සඳහා නිතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඒ බව කීය.
‘‘පසුගිය දින කිහිපයේදී ලොව අනෙක් සියලු රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණනට වඩා වැඩි ගණනක් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වුණා. පසුගිය දින පහේදී, දවස ගාණේ ආසාදිතයන් ලක්ෂයට වැඩියෙන් වාර්තා වුණා. මධ්‍යම හා දකුණු ඇමෙරිකානු කලාපයට අපි වැඩි අවධානයක් යොමු කරනවා වගේම අපි ඉන්නේ කනස්සල්ලෙන්.
ඒ කලාපයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍ර වේගයකින් වැඩිවෙමින් තිබෙනවා. නැගෙනහිර මධ්‍යධරණී කලාපය, දකුණු හා නැගෙනහිර ආසියානු කලාපය මෙන්ම අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.
රොයිටර් පුවත් සේවයට අනුව අද (4) පස්වරු 2.20 වනවිට උතුරු ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 19,51,065ක් වූ අතර එම කලාපයෙන් වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,14,573ක් විය.
ලතින් ඇමෙරිකානු කලාපයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 11,42,953ක් වූ අතර මරණ ගණන 57,580ක් විය.
බ්‍රසීලය, පේරු, චිලී සහ මෙක්සිකෝ යන රටවලින් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යන අතර ආර්ජන්ටිනාව, බොලිවියාව, කොලොම්බියාව සහ හයිටියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ.
ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලය යි. බ්‍රසීලයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 5,84,016ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 32,548ක් ලෙස දැක්විණි.
ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.
රොයිටර්ස් පුවත් සේවයට අනුව අද පස්වරු වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 65,27,365ක් ලෙස දැක්වුණු අතර කොරෝනා ආසාදිත සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 3,85,548ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
ද ගාඩියන්/රොයිටර්/ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘