ඇෆ්ගනිස්තානයේ කුන්දුස් ප‍්‍රාන්ත මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ (18) උදෑසන සිය නිවස ඉදිරිපිටදී ඝාතනයට ලක්විය.
මැතිවරණ කොමසාරිස් අමානුල්ලා ඛාන්, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ උදෑසන රාජකාරි බලා නිවසින් පිටවීමට සූදානම් වෙද්දීය.
වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා අසුරු සැණින් පලා ගොස් ඇත. වෙඩි ප‍්‍රහාරයට ලක් වීමෙන්, බරපතල තුවාල ලැබූ අමානුල්ලා ඛාන් කඩිනමින් රෝහල් ගත කළ නමුත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව යැයි රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ඇෆ්ගන් ස්වාධීන මැතිවරණ කොමිසමට අයත් කුන්දුස් ප‍්‍රාන්තයේ මැතිවරණ කොමසාරිස්වරයා වූයේ අමානුල්ලා ඛාන්ය. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. පොලිසිය පවසා ඇත්තේ එය පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් විය හැකි බවය. වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.
ඇෆ්ගනිස්තානය මේ වනවිට ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සූදානම් වී සිටී.
ලබන අපේ‍්‍රල් 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය 16 වැනිදා ආරම්භ විය.
විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 27 දෙනකු ඉල්ලූම්පත් ලබාගෙන ඇති බව ඇෆ්ගන් ස්වාධීන මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණි.
එම ඉල්ලූම්පත් ලබන මස 6 වැනිදාට පෙර මැතිවරණ කොමිසමට බාර දිය යුතු අතර, අපේක්ෂකයන් ලෙස සුදුසුකම් ලබන්නන්ගේ නාම ලේඛනය නොවැම්බර් 16 වැනිදා ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විත්තිකාරයෝ, පැමිණිලිකාරයෝ, සාක්කිකාරයෝ ඉන්දැද්දී නඩුකාරයා මරා දැම්මාම මොකක්ද අත්වෙන සෙත? අනේ, ඇෆ්ගනිස්තානෙට වුණ දෙයක්! (නි)
අන්තර් ජාතික කුමන්ත්‍රණ එහෙත් ක්‍රියාත්මකද? (නි)
ඔහොම යන් අල්කයිදා(නදී)