ජපාන තරුණ තරුණියන් අතර මේ දිනවල පැතිර ඇති විලාසිතාව වන්නේ ‘‘ඇස් ලෙව කෑමයි‘‘.
ජුගුප්සාජනක වුවත් එකිනෙකාගේ ඇස් ලෙවකෑමට මේ දිනවල වඩ වඩාත් තරුණ තරුණියෝ නැඹුරු වෙමින් සිටිති.ඔවුනට අනුව නම් ආදරය ප‍්‍රකාශ කිරීමේ අලූත්ම ක‍්‍රමය වන්නේ මෙයයි.
මේ සියල්ලට මුල්වී ඇත්තේ ජපාන සංගීත කණ්ඩායමක් බව කියැවේ.ඔවුන් විසින් නිකුත් කළ සංගීත වීඩියෝවක ඇස් ගෙඩි ලෙවකන දර්ශනයන් ඇතුළත්ව තිබී ඇත.ජපාන තරුණ තරුණියන් අතර මේ වීඩියෝව ඉතා ජනපි‍්‍රයව ඇති අතර එහි දැක්වුනු පරිදි ඔවුන්ද ඇස් ගෙඩි ලෙව කෑම අනුකරණය කරන්නට පටන්ගෙන තිබේ.
ජපාන වෛද්‍යවරුන්නම් මේ කි‍්‍රයාව කිසිසේත් අනුමත නොකරයි.‘‘ලෙව කන්නාගේ‘‘ මිනිස් ඛේටයේ තිබිය හැකි බැක්ටීරියා ‘‘ලෙව කනු ලබන්නාගේ‘‘ ඇස මත තැන්පත් විය හැකි නිසා නොයෙකුත් ආසාදන ඇතිවනු ඇතැයි ඔවුන් කියයි.
වෛද්‍යවරුන් පවසන ලෙසටම ආදරය නිසා ‘‘ඇස් ගෙඩි ලෙව කෑමට ගොස්‘‘ වැඩ වරද්දාගත් අයත් බොහෝය.එහෙත් තවමත් රැුල්ලට යන වුන්ගේ අඩුවීමක් පෙනෙන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපනා හපනා ..(අ)
ප්‍රසාද්, බය වෙන්න එපා ඔයා (නි)
අනිවාර්යෙන්ම මේ ක්‍රමය තව ටික දවසකින් ලංකාවට එනවා (දී)
මේක බොරු ! ජපානයේ මෙහෙමදෙයක් නැහැ .(අ)
එහෙම ලෙව කෑව නම් ප්‍රසාද්ට පෙන්නන්න හොඳ නැ (අ)
අපේ රටෙත් තරුණ පරපුර පිටරටින් එන ඕනෑම කුණු ගොඩක් බාරගන්නවා. ඇස් ලෙවකන්න ගිහින් ඊළගට අතේ තියෙන හම් බෑග් එකෙන් පාරක් කාලා තමයි එන්න වෙන්නේ (නි)
ලෙවකන්න තිබුනේ ඇස් විතරක් වෙන්න ඇති (නි)
හොද වෙලාවට සංගීත කණ්ඩායම ඇස ලෙවකන දර්ශනයන් විතරක් පෙන්නලා තියෙන්නේ. වෙන මොනවා හරි ලෙවකන එකක් පෙන්නුවානම් විනාසයි. (ස)