මොරොක්කෝවේ     කැසබලැන්කා නුවර පිහිටි ඇල්ජීරියානු කොන්සල් කාර්යාලයට ඉකුත් සතිඅන්තයේ කලහකාරීන් පිරිසකගෙන් ප‍්‍රහාරයක් එල්ල විය.
කලහකාරීන් උත්සහ කළේ කොන්සල් කාර්යාලයට කඩා වැදීමටය. එහෙත් ආරක්ෂක අංශ ඊට හරස් විය. දෙපිරිස අතර කාර්යාලය ඉදිරිපිට ගැටුමක් ද හට ගැණින.

එම අවස්ථාවේදී එක් තරුණයෙක්, කොන්සල් කාර්යාලයේ වහලයට නැග එහි සවි කර තිබුණු ඇල්ජීරියානු ධජය ඉරා දැමීමට ද සමත් විය.
කලහකාරීන් එල්ල කළ ගල් ප‍්‍රහාරවලින් කොන්සල් කාර්යාලයට හානි වුව ද එහි සිටි කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුනොවිණි. ප‍්‍රහාරයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.