
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තමන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග කිසිදු එකඟතාවක් ඇති කරගෙන නැතැයි ඉරානය පවසයි.
ඉරානය මෙසේ පැවැසුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරාන රජය සමග එකඟතාවක් ඇති කරගත් බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිණි.
කෙසේ නමුත්, ඇමෙරිකා නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතරේ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත්, පාකිස්තානය සහ සෞදි අරාබිය එම සාකච්ඡාවල මැදහත්කරුවන් ලෙස කටයුතු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
ට්‍රම්ප්ට අනුව, අද (3) දිනයේ ඇමෙරිකා නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.
සාකච්ඡාවලට අවස්ථාවක් ලබා දෙමින්, ඉරාන විප්ලවීය හමුදා ඉලක්කවලට සිදු කළ ප්‍රහාර වහා නැවැත්වූ බව ට්‍රම්ප් නිවේදනය කළේ ඊයේ (2) දිනයේය. ඇමෙරිකාව ඉරානයට පහර නොදෙනු බවත්, ඊශ්‍රායලය ද ඉරානයට පහර නොදෙනු ඇති බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd