IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ජෝර්දානයට දිගු දුර මිසයිල - ප්‍රහාරක යානා

සිරියාවේ අසල්වැසියකු වන ජෝර්දානයට ‘පේට්රියට්’ වර්ගයේ දිගු දුර මිසයිල තොගයක් මෙන්ම එෆ් 16 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානා ද ලබා දීමට ඇමෙරිකාව ඊයේ (4) තීරණය කළේය.
මේ වනවිට ඇමෙරිකා සෙබළු 200 ක බළඇණියක් ජෝර්දානයේ ස්ථානගත කිරීමට ද ඇමෙරිකාව කටයුතු කර ඇත.
ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල්, ජෝර්දානයට එම මිසයිල සහ ප‍්‍රහාරක යානා ලබා දීම සම්බන්ධයෙන් සිය අනුමැතිය ලබා දී ඇති බවත් ජෝර්දානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට ද ඇමෙරිකාව සූදානම් බවත් පැවැසෙයි.
ජෝර්දානය සිරියාවේ දකුණුදිග අසල්වැසියාය. උතුරින් පිහිටි අසල්වැසියා තුර්කියයි. ජෝර්දානය මෙන් නොව තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝව මේ වනවිට තුර්කියට ‘පේට්රියට්’ වර්ගයේ මිසයිල ලබා දී ඇත.
යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තුර්කිය සහ ජෝර්දානය සූදානම් කිරීම ඇමෙරිකාවේ අරමුණ බවය. තුර්කියේ සිටින ඇමෙරිකා සෙබළුන්ගේ ගණන 400 කි.
පසුගියදා හොර රහසේ තුර්කිය හරහා සිරියාවේ සංචාරය කළ ඇමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් කියා සිටියේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා රටේ පවතින සිවිල් යුද්ධය ජය ගැනීමට ආසන්න බවය.
සිරියානු කැරැලිකරුවන් පරාජය කිරීමට ජනපති අසාද්ගේ රජයට හැකියාව ලැබී ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.



අදහස් (0)

ඇමෙරිකාවෙන් ජෝර්දානයට දිගු දුර මිසයිල - ප්‍රහාරක යානා

මහින්ද Thursday, 06 June 2013 04:01 AM

හොද යුධ උපක්‍රමයක් කැරලිකරුවන්ට ජයවේවා!(නදී)

:       0       0

පද්මා Wednesday, 05 June 2013 10:03 AM

පෙනෙන විදියට මේ යුද්දේ මුළු උතුරු අප්‍රිකානු රටවලින් පටන්ගත්තත් දැන් දැන් ගුල්ෆ් රටවලටත් එන්න වගේ ලෑස්ති. ගුල්ෆ් රටවලට අවොත් වෙන්නේ අපේ බඩේ පාර වදින එකයි.(නදී)

:       0       0

උදය Wednesday, 05 June 2013 02:05 PM

ලිබියාවේ කළා වගේ කරන්න බැරි වෙච්ච හින්දා ඇමෙරිකාවට දැන් එලිපිටම නටන්න වෙලා (නි)

:       0       0

සුකිරි Wednesday, 05 June 2013 10:07 AM

ලංකාවේ අපනයනයෙන් තනිකර 36% මිලට ගන්නේ ඇමරිකාව. ඇමරිකාවට අස්ථාවර උනොත් අපට වදිනවා. අපේ අය ගොඩක් වැඩ කරන්නේ මද පෙරදිග.එහෙ අස්ථාවර උනත් අපට වදිනවා. ඇමැරිකන් විරෝදියෝ වගේම මුස්ලිම් විරෝදියොත් ඒක මතක තියා ගන්න.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 05 June 2013 06:51 PM

'වැස්සට තෙමන එළුවා දෙස බලා නරියා දුක් වුනාලු" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 872 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site