අය වැය අනුමත නොවීමෙන් අකි‍්‍රය වුණු ඇමෙරිකා කොංග්‍රසය යළි සකි‍්‍රය කිරීමේ පණතකට ඇමරිකාවේ සෙනට් සභාවේ අනුමැතිය හිමිව ඇත.
පනතට අනුමැතිය හිමිවූයේ 17 වැනිදාට එළි වීමට පැය කිහිපයක් තිබියදීය.17 වැනිදාට ප‍්‍රථමයෙන් රජය සකි‍්‍රය කර ගැනීමට බළධාරීන් අපොහොසත් වුවහොත් ඇමරිකා ආර්ථිකය යළි ගොඩගත නොහැකි සේ කඩා වැටෙනු ඇතැයි ඇමරිකා මහා භාණ්ඩාගාරය අනතුරු අගවා තිබුණි.
සම්මත කර ගැනීමට මෙම පණත පාර්ලිමේනතු සභිකයින්ගේ ඡන්ද විමසීමකටද ලක් කර ඇති අතර එහිදී ඡුන්ද 285 කට 144 ක් ලෙස එය සම්මත කර ගැනීමට ඔබාමා රජය සමත්ව තිබේ.
පණත සම්පාදනය කිරීමට කටයුතු කර ඇත්තේ සෙනට් සභාවේ පාලක ඩිමොක‍්‍රටික් පක්ෂය නියෝජනය කරන නායක හැරී රීඞ් හා විපක්ෂ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන නායක මිච් මැක්කොනෙල් වීම විශේෂ කරුණකි.භේද අමතක කර ඇමරිකාව මේ මොහොතේ සිටින තත්ත්වයෙන් මුදා ගැනීමට එක්ව කටයුතු කිරීමට තීරණය කළ බව ඔවුන් දෙපළ කියයි.
පණතින් ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ පොදු එකගතාවකට පැමිණ තිබෙන අතර එහි ඇමරිකාවේ ණය ගැනීමේ සීමාව ඉහළ දැමිමත් අයවැය ගැටළු වලට එළැඹෙන දෙසැම්බර් මස 13 වනදා වන විටදී පිළිතුරු සොයා ගැනීමත් වැනි කරුණුත් සදහන් වේ.
අයවැය ගැටළුවට මෙම පණත තාවකාලික විසදුමක් පමණක් වන අතර පණත වලංගු වන්නේ 2014 වසරේ ජනවාරි මස 15 වැනිදා දක්වා පමණි.
අයවැයේ ඇතැම් කරණු වලට එකඟතාව පළ නොවීම නිසා ඔබාමා රජයේ අයවැයට ඇමරිකා සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූයේ නැත.මෙනිසා මුළු රාජ්‍ය සේවා පද්ධතියම අකි‍්‍රය වූ අතර ආර්ථික විශේෂඥයන් බිය පළ කළේ ඇමරිකාව ඉක්මනින් කි‍්‍රයාකාරී තත්ත්වයට පත්වීමට අපොහොසත් වන්නේ නම් එය තවත් ලෝක ආර්ථික අර්බුධයක ආරම්භය වනු ඇති බවය.
අයවැයට අනුමැතිය හිමිනොවිම නිසා රජයේ පෙරළීමට හැකියැයි යැයි විපක්ෂ රිපබ්ලිකන් පාක්ෂිකයින් උදම් ඇනුවත් රට ආගාධයට තල්ලූ වෙමින් තිබීම නිසා වෙන කරන්නට දෙයක් නොහැකිව රජය සමග මෙසේ එකඟතාවයකට පැමිණ ඇති බවක් දැකගන්නට ඇත.
නමුත් ප‍්‍රාදේශීය රිපබ්ලිකන් පාක්ෂිකයින් නම් පාර්ලිමේන්තුවේ හා සෙනට් මණ්ඩලයේ සිටින තම සගයන්ගේ කි‍්‍රයාකලාපය ගැන එතරම් පැහැදීමක් නොමැත.ගැටුමින් දිනීමට අවස්ථාව තිබියදී තම සගයින් එය අත්හැර දමා ඇතැයි ඔවුන්ගේ අදහසයි.
පක්ෂ විපක්ෂ එකගතාවය නිසා පැලැස්තර විසදුමකින් හෝ ඇමරිකා රජය හා රාජ්‍ය සේවා පද්දතිය යළිත් කි‍්‍රයාත්මක වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කොයි තරම් නයද ? ජනතාවට බදු ගහල තියෙන්නේ හොදට නය ගෙවන්න තමයි. අපේ රටේ මිනිස්සුන්ට මොනවද තියන පහසුකම්? ඇමරිකාවේ ජනතාවට ජීවත් වෙන්න පහසුකම් දීල තියෙන්නේ ඒ රටේ රජය යම්කිසි සැලැස්මකට වැඩ කරනවා. අපේ රටේ පාලකයන් වගේ නය අරගෙන සල්ලි සාක්කුවේ දා ගෙන නැහැ ජනතාව වෙනුවෙන් යොදවල තියනවා. එවැනි රටකට ගිය කෙනෙකුට තේරෙනවා අපි කොතනද ඉන්නේ කියලා.(නදී)
අම්මෝ ඇති යාන්තන් මම බයෙන් හිටියේ ඔබාමා මගෙන් ණයක් ඉල්ලයි කියලා.(නදී)
ඇමරිකාවට ඔහොම වෙලා මදි. මෙදා පාර අනුනමයෙන් බේරුනා. කවදා හරි ඇමරිකාව වැටෙනවා. (නදී)
ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටීම අපේ රටවල් වලට බලපානවා කියල කියන්නේ බොරුවක්. කෙ ටිකාලීනව එහෙම වුනත් දිගු කාලීනව අපි වගේ රටවල් වලට හොදයි. (නදී)
අනවශ්‍ය යුද්ධ වලට සහ සිය බලය පතුරුවන්න ඇමෙරිකාව සහ යුරෝපය තමන්ගේ රටේ තිබෙන ප්‍රශ්න අමතක කරලා අරාබින්ට ඇඟිලි ගහන්න යනවා. කොච්චර කෝටි ගණනක් වැය කරනවද අනෙක් රටවලට හමුදා යවලා නඩත්තු කරන්න? තමන්ගේ රට ඉදිරියට ගෙනයන්න කටයුතු කරන්න පළමුවෙන්ම. අනෙක් රටවලින් මංකොල්ලකාලා කරන වැඩ යාදෙන්නේ නැහැ. (නි)
ලංකාව මියගොස් බව නොකියන්නේ මන්ද? (නි)
තම රටට බලපාන අහිත කර අය වැය යෝජනා ඉවත්කර එය නැවත සංසෝදන කර ඉදිරිපත් කිරීමෙන් පසු පක්ෂ, විපක්ෂ දෙක එකට එකතුවෙලා තම රටේ අය වැය සම්මත කර ගත්තා. මේකෙන් පේන කරුණක් තමයි තමන්ගේ රටේ ප්‍රශ්නයකදී මේ දෙගොල්ලම සහයෝගිව කටයුතු කිරීම. (නදී)
අපොයි ඇමරිකාවට පස්ස පැත්ත කසා ගන්නවත් බැහැනේ. තව යුද්ධය ගැන කුමන කතාද?(නදී)
ඇමරිකාව කහිනකොට අපිට වුණ සන්නිපාතය හැදෙනවා ඕක තමයි ඇත්ත !! (අ)
ලංකාවට ඇවිත් කෝපි කෝප්පයක් බීල යන්න කියන්න ඔබාමා මහත්තයට .(අ)
ඇමරිකාව යලිත් කඩාගෙන වැටුනොත් ඒක ආසියාතික රටවලට යලිත් බලපානවා. ඇමරිකාව ශක්තිමත් වීම හැම රටකටම හොදයි. ලෝකේ ලොකුම ගැනුම් කරුවා ඇමරිකාවයි. අද චීනයේ ඉන්දියාවේ ජපානේ හොදම භාණ්ඩ මිලදී ගන්නේ ඇමරිකාව ලංකාවෙත් 23% භාණ්ඩ යවන්නේ ඇමරිකාවට විසේසයෙන්ම ඇගලුම්. ඔය කයිවාරුකාරයෝ උඩු බිරුවට දන්නෝ දනිති. අපිට වෙනදේ ඇමරිකාව වැටුනොත් ?.(නදී)
තිලක්, ඔබ සමහර විට දන්නවත් ඇති ලෝකේ ලොකුම නය කාරයා ඇමරිකාව කියල. (නදී)(නදී)
හැම හන්දියකම හිගන්නෝ . රට වගේම මිනිස්සුත් ණය කාරයෝ..පන කඩාගෙන වාද කරනවා ණය ගෙවන්න .මානසික රෝගීන් ඒත් ලංකාව ඇති සුන්දර රටක් මම මගේ රටට එනවා,. (ස)
පක්ෂයට වඩා රට ගැන හිතන අය තමයි ඇමරිකාවෙ ඉන්නෙ (නි)
දේශපාලකයෙක් ඉතාමත් පරිණත සහ අත්දැකීම් සහිත තීක්ෂණ බුද්ධියක් ඇති පුද්ගලයෙකු විය යුතුයි. විපක්ෂයෙන් එන අභියෝග පැමිණෙන්න පෙර හඳුනාගෙන සූදානම් විය යුතුයි. (නි)
හරියටම හරි දිනේෂ් ඔයලා මොනතරම් දියුණු වුණත් අපේ නායකයෝ වගේ දියුණු නෑ .(අ)
හොද වෙලාවට අවසාන මොහොතේ හරි මේ පනත සම්මත කරගත්තේ. නැත්නම් පසුගිය සැරේ මෙන් ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක්වෙනවා. (නි)