ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවී පසුගිය 11 වැනිදාට වසර 12 ක් සැපිරීම නිමිති කොට ගෙන ‘‘සාදයක්‘‘ පැවැත්වූ සමාජ ශාලාවක් ගැන වාර්තා වන්නේ චීනයේ ෆුටියාන් ප‍්‍රදේශයෙනි.
සමාජ ශාලාවට එදින පැමිණ සිටියවුන් ඉස්ලාමිීය අන්තවාදීන් හා එක්සත් ජනපද හමුදා භටයන් ලෙස සැරසී සිටිනු දැක ගත හැකි විය.ඔවුහු නටමින් ,ගයමින් ප්‍රීත්‍රී ඝෝෂා පැවැත්වුහ.
සාමාජශාලාවේ මෙම කටයුත්ත බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇතත් වෙනත් අය පවසන්නේ මේ සියල්ල හුදෙක් වින්දනයක් ලැබීම උදෙසා කරන ලද්දක් සේ පෙනෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මේක හුදු විනෝදය සඳහා කරපු එකක් කියල. (දී)
ඇමෙරිකාවේ ආර්ථිකයට, රජයට, බලපෑම් උනාට සතුටුයි. නමුත් මිනිස් ජීවිත දහස් ගණන් නැති වුනාට නම් දුකයි. (ස)
ඇමෙරිකාව ඉස්සර තමාගේ ඕනෑම දෙයකට එදිරිවාදියා කරගත්තේ රුසියාවයි. දැන් මෑතක සිට එය වෙනස් වී ඇත. (නි)
ඇමෙරිකාව සහ නඩය බංග වේවා !!! (නි)
චීනයේ සතුන් වර්ගයක් මට මතක් වෙනවා (නි)
ආබෘ- අපි අනුන්ට හංවඩු ගහලා අනුන් අපිට මොන තරම් හංවඩු ගහනවා ඇද්ද නේ ? (ස)
කෝ මෙතන චීන ජාතිකයෝ? මේ අය රුසියානු ගොඩේ කණ්ඩයක්. (අ)
අම්මෝ මේ අර සමාජවාදී චීනයද? (ස)
ඔන්න තව සතුටුවෙන්න දැනුත් ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ලවෙලා (අ)
මිනිස් ජීවිත වලට ගරු කරමු ! අපේ මුවින් පිටවන වචන වලින් කිසිවෙකුගේ හිත රිදුනා නම්, එයින් පිළිබිබු වන්නේ අපගේ පව්කාර බවයි. (ස)
මෙය හුදු විනෝදයත් සමඟම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමත් සිදු වෙලා ඇති කියා සිතමි. (ස)
සැප්තෙම්බර් 11 වෙනිදා සිදුවූ දෙය වටහා ගන්නට ඇමරිකාවේම නිෂ්පාදනය කර මධ්‍යස්ත සිනමා කරුවකු කරපු ෆෙරන්හයිට් 9 -11 යන සිනමා පටය බලන්න . මම එක බලපු නිසා වෙටහෙනවා ඇමරිකාවේ සි අයි ඒ සංවිදානය මොන වගේ දේවල්ද කරන්නේ ? තමන්ගේ රටේ පැවැත්මට කියා (අ)
දහස් ගණනක් ජිවීත විනාශ කරලා ඒ මතකය ජයපැන් බොමින් සමරන ජාතියක්... (නි)
ඇමරිකාවටත් පොඩි මෙගා බයිට් එකක් චීනෙන් (ස)
වරදක් කලත් සිතකින් නෙමෙයි රිදවන්නේ පලි ගන්නේ ඇයි...මනුසතා ලෝකේ ඉපදී මන් මුළා උනා මගදී....ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යි මරුවා ලගාවෙනවා .(අ)
මේක කවුරුත් සතුටින් සැමරිය යුතු දෙයක් නොවේ (නි)
කාරනාවට අදාළ නැති අසරණයෝ තුන්දහසක් මරලා ඒක සතුටින් සමරන කවුරු වුණත් තිරිසනෙක්.ඒ වගේම ඇමරිකාවත් සිවිල් ජනතාවට බෝම්බ දාලා මියගිය අයට ත්‍රස්තවාදි ලේබල් එක අලවන එක නින්දිත ක්‍රියාවක්. (නි)
“ඉස්ලාමීය අන්තවාදීන්“ හරියටම හරි නම. (දී)
මේ රටේ ඉන්න අන්තර්ජාලයේ සැරිසරන සියලුම දෙනා දන්නවා ඒක කළේ කවුද කියලා. මනුස්සයෙක් මිනිස් සංහාරයකට ඔය වගේ පාටි දාන්නේ නැහැ (නි)
දිනේෂ්, ඒ කිව්වේ චීන බෞද්ධයෝද ? (නි)