ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් සම්බන්ධ රහස් ලොවට හෙළි කළ එන්.එස්.ඒ. කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් රුසියාවේ කොටු කිරීමට ඇමෙරිකාව

රුසියානු ජනපති පුටින්

කටයුතු කළේ යැයි රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පැවැසීය.

ජනාධිපති පුටින් මේ බව කියා සිටියේ, පෙරේදා (15) ඔහුගේ ‘එක්සත් රුසියානු පක්ෂයේ’ යොවුන් සේනානංකය හමුවූ අවස්ථාවකදීය.
30 හැවිරිදි ඇමෙරිකන් ජාතික ස්නෝව්ඩන්, මේ වනවිට රැඳී සිටින්නේ රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපොළකය. ඇමෙරිකාව ඔහුගේ ගුවන් බලපත‍්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත.

ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇති අතර වෙනිසියුලාව ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
රුසියාව ද ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට හානියක් වන ආකාරයේ රහස් පිටකිරීම වහා නැවැත්විය යුතුය යන කොන්දේසිය මතය. එම කොන්දේසියට ස්නෝව්ඩන් එකඟ නොවේ.