IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ඇමෙරිකාවේ විරෝධතා උග්‍ර අතට

මිනියැපොලිස් නුවර කළු ජාතිකයකු වූ ජෝජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය අභියසට ද පැමිණ ඇත.

සාමකාමී අයුරින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රකෝපකාරී ස්වභාවයක් ගෙන ඇති අතර විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය පහළ ආරක්ෂිත බංකරයේ සැඟවිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛම පුවත්පතක් වන ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත ඒ බව අනාවරණය කළේය. ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අවස්ථාවේදී ජනාධිපතිවරයා බංකරයට ගෙන ගොස් එහි රඳවා තබන්නැයි සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක නිලධාරීන් උපදෙස් දී ඇත. ධවල මන්දිරයට සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, ධුරයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් සියලුම පහසුකම්වලින් සමන්විත මෙම භූගත බංකරය නිර්මාණය කර ඇත.

මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චුවෑන්, ජෝර්ජ් ෆොයිඩ් අත්අඩංගුවට ගෙන ඔහුට මාංචු දමා බිම දිගා කරවා, ඔහුගේ බෙල්ල දණහිසින් පාගා තද කළේය. එම අවස්ථාවේදී තමන්ට හුස්ම ගැනීමට නොහැකි යැයි ද ජෝර්ජ් ෆොයිඩ් කීවේය. ඔහු එසේ තමන්ට හුස්ම ගැනීමට බැහැ කියන අයුරු විඩියෝ පටවලද පටිගත වී ඇති අතර එය හොඳින් ඇසේ. කළු ජාතික ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට හේතු වූ සුදු ජාතික පොලිස් නිලධාරියට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇතැයි ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කළේය.

ජෝජ් ෆොයිඩ්ගේ මරණය සිදුවන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. නගර බලධාරීන් පමණක් නොව ජනපද බලධාරීන් පවා සුදු පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළ බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් ඊට මුලින්ම විරෝධය පළ කළේ මිනියැපොලිස් නුවර වැසියන් ය. ඉන් අනතුරුව එම විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ගිය අතර මේ වනවිට එම විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන ‘කොලොම්බියානු දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර’ වෙත ද ව්‍යාප්ත වී ඇත. මිනසෝටා ජනපදයෙන් ඇරැඹුණු විරෝධතා ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක් පුරා පැතිර ගොස් ඇති අතර, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය අභියස ද ප්‍රකෝපකාරී විරෝධතා හටගත්තේ ද ඒ අනුවය. ධවල මන්දිරය ආසන්නයේ ගිනිගැනීම් ද දක්නට ලැබේ.

ධවල මන්දිරය පිහිටි ප්‍රදේශය ද වොෂින්ටනයේ සුප්‍රකට ස්මාරක ඇතුළු උද්‍යාන පිහිටි ප්‍රදේශ ද දුමාරයෙන් පිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමකාමීව ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විරෝධතාකරුවන් වොෂින්ටනයේ වීදි දිගේ ධවල මන්දිරය දෙසට ඇවිද යන අයුරු සී.එන්.එන්. පුවත් සේවය අද (1) වාර්තා කළේය.

විරෝධතාකරුවන් 1,000කට වැඩි පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලිසිය දැවැන්ත කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. විරෝධතාකරුවන් වීදිවල තිබූ ප්ලාස්ටික් බාධක මෙන්ම මාර්ග සංඥා ද පුළුස්සා දමමින් ගිනි ගොඩවල් ගැසූ අතර ඇතැමෙක් ගොඩනැගිල්ලක තිබූ ඇමෙරිකානු ධජයක් ගෙන ගින්නට විසි කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර රැසකට මේ වනවිට ඇඳිරි නීතිය පනවා තිබුණ ද විරෝධතාකරුවෝ කිසිසේත් එය මායිම් නොකර විරෝධතාවල නිරත වෙති. ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනගරය වන වොෂින්ටන් නුවර ඇතුළුව ප්‍රාන්ත 15කට මේ වනවිට ජාතික ආරක්ෂක බළකාය කැඳවා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය 1968 වසරේදී මාර්ටින් ලූතර් කිං ඝාතනයට ලක්වූ අවස්ථාවේදී නගර රැසකට ඇඳිරි නීතිය පැනවූවාට පසු නගර රැසකට ඇඳිරි නීතිය පැනවූ පළමු අවස්ථාව මෙය විය.

ධවල මන්දිරයේත් ඒ අවට ප්‍රදේශයේත් ආරක්ෂාව සඳහා වොෂින්ටන් නුවර ජාතික ආරක්ෂක බළකායේ සිටින සොල්දාදුවන් සියලු දෙනා කැඳවීමට ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු ඊයේ (31) පියවර ගත්හ.

ඇමෙරිකානු ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය මෙන්ම එරට ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි, තානාපති කාර්යාල ඇතුළු ප්‍රධාන මර්මස්ථාන රැසක් පිහිටා ඇත්තේ වොෂින්ටන් නුවරය.

වොෂින්ටන් අගනුවර ජාතික ආරක්ෂක බළකායේ සොල්දාදුවන් 1,700ක් පමණ සිටින අතර ඔවුන් සියලු දෙනාම කැඳවීමට පියවර ගෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය වාර්තා කර තිබිණි.

අගනගරයේ ආරක්ෂක අංශවලට සහාය වීම සඳහා ආරක්ෂකයන් 500ක් ලබාදෙන්නැයි වොෂින්ටන් නගරාධිපති මියුරියල් බව්සර් ඉරිදා ඉල්ලීමක් කර තිබිණි. ධවල මන්දිරයෙත් අගනුවරත් ආරක්ෂාව සඳහා ඉතිරි භටයන් 1,200 දෙනා යොදවන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා කටයුතු පිළිබඳ ලේකම් රයන් මැකාති නියෝග කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරත් බර්ලිනයේ, කැනඩාවේ ටොරොන්ටෝ නුවරත් විරෝධතා පැවැත්විණි. ඊට අමරතව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු තවත් රටවල් රැසක ද විරෝධතා පැවැත්විණි.

රොයිටර්ස්

055



අදහස් (5)

ඇමෙරිකාවේ විරෝධතා උග්‍ර අතට

almeida Monday, 01 June 2020 05:24 PM

කෝ අපේ විමලේ? මෙන්න වෙලාව ඇමෙරිකන් එම්බසි එක ඉස්සරහ උද්ඝෝෂණයක් කරන්න.

:       104       0

anuraTuesday, 02 June 2020 08:43 AM

මොකටද විමල් ? උදේ හවස ඔය රට වන්දනා කරන, දැන් අහන්න තියෙන්නේ කෝ සංහිදියාව කියලා.

:       0       2

මුණසිංහ Tuesday, 02 June 2020 02:05 AM

ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්නේ මෙන්න මෙහෙමයි. ට්‍රම්ප් පාලනය යටතේ ඇමරිකාව සියලු මානව හිමිකම් උල්ලංඝනය කරනවා. කෝ අර මානව හිමිකම් සංවිධාන? ඔබාමා පාලනය කෙතරම් අපූරුද? ලෝකයේ සමාජවාදී රාජ්‍යයන් සමඟ ඉතා සුහදව කටයුතු කළා. දැන් තේරෙනවා ඇති පෙරලියක වෙනස... ට්‍රම්ප්ටත් භූගත බංකර සොයාගෙන යාමට සිදුවුණා. නව ලිබරල්වාදය කරපින්නාගත්, ඇමරිකානුවාදින් දැන් මොකද කියන්නේ?

:       2       30

De Silve Tuesday, 02 June 2020 06:00 AM

අපේ රටෙත් මංකොල්ල වාර්තා වුණා.. (බොදු බල සේනා, සිහල රාවය, මහා සොහොන් බලකාය, සාලිය, ඩෙන් ප්‍රියසාද්) හා හා...!!!

:       413       367

rana Tuesday, 02 June 2020 06:24 AM

වාසුදේව මහතාගේ සංවාදය පරිදි පොලිසියේ සුළු ජාතින් මරණ එක සාධාරණ ලෙස කියා තිබුනේ, මොන තරම් කැත කතාවක්ද මේ?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 87 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site