සුදු ජාතික පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ අඩත්තේට්ටම්වලට ලක්ව මරණයට පත්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතා අටවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර රැසක් පැවැත්විණි.
සාමකාමී ලෙස ආරම්භ වූ විරෝධතා සඳුඳා වෙද්දි ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් නමුත් පෙරේදා අන් දින හා සැසඳීමේදී සාමකාමී ස්වභාවයක් ගත්තේය.
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ද, අගනුවර පිහිටි ධවල මන්දිරය ආසන්නයේද විරෝධතා පැවැත්වේ. ධවල මන්දිරය අවට වීදි සියල්ල වසා දැමීමට ද ඇමෙරිකානු බලධාරීහු අද (3) පියවර ගත්හ.
ප්‍රාන්ත 30කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ජාතික ආරක්ෂක බළකාය කැඳවා තිබෙන සිය බලයක් පෙන්වීමක් ලෙස වොෂින්ටන් අගනුවරට හමුදා යෙදවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මේ වනවිට බොහෝ පිරිසකගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙන අතර හමුදා යෙදවීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන්ගේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් ද ජනාධිපතිවරයා විවේචනය කර ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයන් අතර හුදෙකලා වී ඇතැයි ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමා, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ කනස්සල්ල පළ කර ඇත.
විදෙස් මාධ්‍ය ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇමෙරිකාවේ විරෝධතා අටවැනි දිනටත්