ඇමරිකා එක්සත් ජනපදය විධිමත් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පියවර ගෙන තිබේ.
කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයේ පාලනය යටතේ පවතින බවට ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබිණි. මේ හේතුව නිසා ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිදානයෙන් ඉවත් වන බවටද ජනාධිපතිවරයා විටින් විට තර්ජනය කළේය.
යුරෝපා සංගමයෙන් හා වෙනත් පාර්ශවයන්ගෙන් ප්‍රබල ඉල්ලීම් ලැබුණද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයෙන් ඉවත් වී අරමුදල වෙනත් තැනකට එරවා යවන බවයි.
මෙම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් වසරක් පමණ ගතවිය හැකි වුවද ඔහුගේ අදහස මේවනවිටත් එක්සත් ජාතින්ගේ සංවිධානයට සහ කොන්ග්‍රසයට දැනුම් දී ඇත.
මේ බව තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ජුඩරික් මහතා පවසා ඇත්තේ 2021 ජූලි 06 දින සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකාවේ ඉවත්වීම පිළිබඳව දැනුම් දී ඇති බවයි.
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම තනි දායකයා වන අතර එය එහි සමස්ත අයවැයෙන් 15%කට දායකත්වය දරයි.
ඇමරිකාවේ මෙම ඉවත් වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය ශක්‍යතාව, සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම සහ රෝග මර්ධනය කිරීම සඳහා වන බොහෝ වැඩසටහන් වල අනාගතය ප්‍රශ්න කරනු ඇති බව විචාරකයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විධිමත් ලෙස ඉවත් වෙන්න යයි
Soma dubayi Wednesday, 08 July 2020 07:47 AM
විශිෂ්ඨ තීරණයක් මැතිතුමනි..,
රොශාන් Wednesday, 08 July 2020 08:49 AM
WHO එක චීනෙට කඩේ නොගියනන් ලෝකෙ අනික් රටවලට වසංගතය බෝ වෙන්නේ නෑ.
thilak Wednesday, 08 July 2020 09:41 AM
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු, කලකට පසු ඇමෙරිකාවේ පත්වුණු දැඩි තීරණ ගත හැකි නායකයෙකි.
chandaniWednesday, 08 July 2020 10:10 AM
මොලේ අමාරුවක් ඇති...
Bamunuarachchi Friday, 10 July 2020 05:26 AM
ඔයිට වඩා හොඳ නැද්ද ඔබ ජනාධිපතිකමින් නිසිලෙස ඉවත් වෙන එක...?