ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය, බ‍්‍රසීලයේ කි‍්‍රයාත්මක අංක එකේ තෙල් සමාගම වන ‘පෙට්ට්‍රෝබාස්’ සමාගම ගැනත් ඔත්තු බලා ඇතැයි එරට පුවත් සේවා අනාවරණය කර ඇත.
‘පෙට්ට්‍රෝබාස්’ සමාගම බ‍්‍රසීලයේ පමණක් නොව, ලතින් ඇමෙරිකා රටවල ද ආධිපත්‍ය පතුරුවා ඇත්තේ ඇමෙරිකන් සමාගම්වලට අභියෝගයක් වෙමිනි.
එන්.එස්.ඒ. හෙවත් ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය, එරට රජයේ අනුදැනුම සහ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ අනුදැනුම මත ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන්, තානාපතිවරුන්, තානාපති නිලධාරීන් මෙන්ම විවිධ සමාගම් ගැන ද රහසේ ඔත්තු බලන බව පසුගියදා අනාවරණය විය.
එම අනාවරණය කළේ එන්.එස්.ඒ. ආයතනයේ හිටපු නිලධාරියකු වන එඞ්වඞ් ස්නෝව්ඩන් විසිනි. ඔහු එන්.එස්.ඒ. රහස් වාර්තා මාධ්‍යවලට ලබා දී ඇත. ඒවා විටින් විට මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව අනුන්ගේ පසු පස ඉම්බිම කරන්නේ ඔවුන්ගේ පසු පස්සේ ගඳ ඉතා ඉහල නිසා . දියුණු වෙන ඕනෙම රටක් නැති කර දමනට . එම රටවල රහස් සෙවීම ඇමරිකාවේ පිළිවෙතකි . තව අවුරුදු 10 කින් ඇමරිකාව සහ බටහිර ලෝකය පසුබව චීනය ඉන්දියාව බ්රෙසිලය කොරියාව රුසියාව වෙනි රටවල් ඉදිරියට එනවා වලක්වා ගැනීමට ඇමරිකාව ඕනෙම දෙයක් කරන්න සුදානම් . ලෝක යුද්ධයක් උනත් (අ)
අපේ රටෙත් තෙල් තිබුනා නම් මෙලහකට ඉරාකයට , ඇෆ්ගනිස්ථානයට කරපු දේ අපිටත් කරලා. තෙල් සම්පත හොරාගෙන. රටේ ජනගහනයෙන් බාගයක් විතර මරලා. රුසියාව , චීනය කියලා වැඩි වෙනසක් නැත (නි)