IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක්

ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි.

වෙඩි ප්‍රහාරය එල්ල වූයේ චිකාගෝවේ, හයිලන්ඩ් පාර්ක් නමැති නගරයේ පැවැත්වුණු නිදහස් දින පෙළපාළියටය. වෙඩික්කරු, වෙළෙඳ ගොඩනැගිල්ලක වහලය මත සිට පහළ මාර්ගයේ පෙළපාළියේ ගමන් කළ පිරිසට වෙඩි තැබූ බව පැවැසෙයි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ පෙළපාළිය ආරම්භ වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය. වෙඩි ප්‍රහාරයත් සමඟ පෙළපාළියට සහභාගී වූ පිරිස් සහ පෙළපාළිය නැරැඹීමට මග දෙපස රැස්ව සිටි පැමිණි පිරිස් බියෙන් හිස්ලූලූ අත දිවයන ආකාරය දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඇමෙරිකන් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

චිකාගෝවේ සිදුවුණු වෙඩි තැබීම ගැන සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. එය සිත්පිත් නැති අපරාධයක් බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වන ලෙසත් ජනාධිපති බයිඩන් ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.

වෙඩි වැදී මියගිය 6 දෙනා වැඩිහිටියන් යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය 6 දෙනාගෙන් පස් දෙනකු එම ස්ථානයේදීම මියගිය අතර, ඉතිරි පුද්ගලයා මියගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවය.

තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ද සිටින බව පැවැසෙයි.

වෙඩි ප්‍රහාරය එල්ල කළේ 22 හැවිරිදි සුදු ජාතික තරුණයකු යැයි පොලිසිය පවසයි. ඔහු රොබට් 'බොබී' ක්‍රියිමෝ නමැත්තාය. රොබට් 'බොබී' ක්‍රියිමෝ ආධුනික රැප් ගායකයකු බවත් සුදු අන්තවාදී අදහස් ඇත්තකු බවත් පොලිසිය වැඩි දුරටත් පවසා තිබේ.

රොබට් 'බොබී' ක්‍රියිමෝ

වෙඩි තැබීමෙන් පසු ඒ සදහා භාවිත කළ ස්වයංක්‍රීය ගිනි අවිය ද වෙළෙද සැල වහලට මත දමා රොබට් 'බොබී' ක්‍රයිමෝ පලා ගොස් ඇති අතර, ඔහු අල්ලා ගැනීමට මෙහෙයුම් ආරම්භ වී ඇත.

ඇමෙරිකාව නිදහස් දිනය සමරන්නේ සෑම ජූලි 4 වැනිදාය. නිදහස් දිනය, ඇමෙරිකාවේ නිවාඩු දිනයක් ද වන අතර, නිදහස් දිනය සමරමින් දිවා කලෙයේ ඇමෙරිකාව පුරා සෑම නගරයකම පාහේ විචිත්‍රවත් පෙළපාළි පැවැත්වෙයි.

නගර වැසියන්, දේශපාලනඥයන්, සිසු දරු දැරියන්, ජනප්‍රිය පුද්ගලයන් ද ඇතුළු බොහෝ දෙනකු මෙම පෙළපාළිවලට සහභාගී වන අතර, පෙළපාළි නැරැඹීමට ලොකු කුඩා කවුරුත් මාර්ග දෙපස රැස්වෙති.

(ඩේලිමේල් ඇසුරිනි)



අදහස් (2)

ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක්

Thilina Liyanage Tuesday, 05 July 2022 09:26 AM

පුවතක් වාර්තා කරනකොට එකේ විස්වාසනියත්වය රකින්න ඕනේ, මරණ තුනක් කියල පටන් ගන්න පුවතේ මැද හරියේ තියෙනවා හයක් මිය ගිහිල්ල කියල. ටයිප් කරන උන් ගංජා ගහල, සෝදුපත් බලන උන් ගුලි කාල.

:       0       12

uk ran Tuesday, 05 July 2022 10:07 AM

ලොකෙම ගිනිතිය තිය යන අමරිකවට තමන්ගෙ කරුමෙ පඩිසන් දෙදෙ. පවු, නයකොයො නිා අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙනව. ලොකෙ ගිනිතියන්න්නරටෙ නයකයො මේවට වග කියන්න ඔන.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site