ලොව රටවලට ඇමෙරිකා මානසිකත්වයෙන් මිදීමට දැන් කාලය පැමිණ ඇතැයි චීනය කියයි.

ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ප්‍රමුඛ රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයට ඇමෙරිකා සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම නිසා මුළු ඇමරිකා රාජ්‍ය සේවා පද්ධතියම දැන් තිබෙන්නේ අකර්මණ්‍ය වී ඇත.

ඇමරිකාවට මුදල් ගලා එන හා මුදල් ඉපැයීමට තිබූ මාර්ගයන් සියල්ල අවහිර වී ඇත.

2008 වසරේදී  මෙන් ඇමෙරිකාවේ උද්ගත වී ඇති තත්ත්වය ලෝක ආර්ථීක අර්බුදයකට මග පාදනු ඇතැයි අන්තර්ජාතික මුල්‍ය අරමුදල ද අනතුරු අඟවා ඇත.

මෙයට හේතුව වන්නේ ලෝකයටම ලොක්කා ලෙස පෙනී සිටයද ඇමරිකාවත් ලොව ඇතැම් රටවලට ණයකාරයෙකු වීමයි. ඒ ඩොලර් බිලියන, ට්‍රිලියන ගණන් වලිනි.

ඇමරිකාවේ විශාලම ණය හිමියා වන්නේ චීනයයි.ඇමරිකාවේ භාණ්ඩාගාර බැදුම්කර වල බහුතර අයිතිය ඇත්තේත් චීනයට වන අතර ඒවායේ වටිනාකම ඩොලර් ට්‍රිලියන (ලක්ෂ කෝටි) 1.28කට  (16896000000000000) (රුපියල් කෝටි 1689600) ආසන්නය.

චීනය බියවී සිටින්නේ ඇමරිකාවට ඉක්මනින් යළි නැගී සිටීමට නොහැකි වුවහොත් මෙම භාණ්ඩාගාර බැදුම්කර වල වටිනාකම අඩුවනු ඇතැයි කියාය.එවිට පාඩුව වන්නේ චීනයටය.

ඇමෙරිකාව් උද්ගත වී ඇති තත්ත්වය මුළු ලොවටම බලපාන බව ආර්ථීක විශ්ලේශකයින්ගේ මතයයි.ඒ එතරම් ණය ප්‍රමාණයක් ඇමරිකාව මත පැටවී ඇති හෙයිනි.මෙම ණය ගෙවීමට ඇමරිකාව අපොහොසත් වන්නේ නම් එහි ප්‍රතිවිපාක ඇමරිකාවට පමණක් නොව ලොව සියලූ රටවලට විදින්නට සිදුවනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ලොවටම වින කරන මෙවන් තත්ත්වයන් ඇති කරන ඇමෙරිකාව ගැන මහත් ඉහළින් සිතා සිටීම අත්හළ යුතු යැයි චීනයේ අදහසයි.

ඇමෙරිකාවේ රජයේ බහුතර බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට වුවත් සෙනට් සභාවේ බහුතර බලය ඇත්තේ විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයටය.මෙනිසා ඇතැම් අවස්ථාවන් වල රජය ගෙන එන යෝජනා වලට සෙනට් සභාවේ අනුමැතිය හිමි නොවීම පසුගිය සමය පුරා දක්නට ලැබුණි.

දැනට පවතින තත්ත්වය සළකා සෙනට් සභාව රජය සමග සාකච්ඡා කර යළිත් ඇමරිකාව පණගැන්වීමට සූදානම් වන බව සදහන්ය.