IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇමෙරිකාව අලි අමාරුවේ

ලොව රටවලට ඇමෙරිකා මානසිකත්වයෙන් මිදීමට දැන් කාලය පැමිණ ඇතැයි චීනය කියයි.

ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ප්‍රමුඛ රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයට ඇමෙරිකා සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම නිසා මුළු ඇමරිකා රාජ්‍ය සේවා පද්ධතියම දැන් තිබෙන්නේ අකර්මණ්‍ය වී ඇත.

ඇමරිකාවට මුදල් ගලා එන හා මුදල් ඉපැයීමට තිබූ මාර්ගයන් සියල්ල අවහිර වී ඇත.

2008 වසරේදී  මෙන් ඇමෙරිකාවේ උද්ගත වී ඇති තත්ත්වය ලෝක ආර්ථීක අර්බුදයකට මග පාදනු ඇතැයි අන්තර්ජාතික මුල්‍ය අරමුදල ද අනතුරු අඟවා ඇත.

මෙයට හේතුව වන්නේ ලෝකයටම ලොක්කා ලෙස පෙනී සිටයද ඇමරිකාවත් ලොව ඇතැම් රටවලට ණයකාරයෙකු වීමයි. ඒ ඩොලර් බිලියන, ට්‍රිලියන ගණන් වලිනි.

ඇමරිකාවේ විශාලම ණය හිමියා වන්නේ චීනයයි.ඇමරිකාවේ භාණ්ඩාගාර බැදුම්කර වල බහුතර අයිතිය ඇත්තේත් චීනයට වන අතර ඒවායේ වටිනාකම ඩොලර් ට්‍රිලියන (ලක්ෂ කෝටි) 1.28කට  (16896000000000000) (රුපියල් කෝටි 1689600) ආසන්නය.

චීනය බියවී සිටින්නේ ඇමරිකාවට ඉක්මනින් යළි නැගී සිටීමට නොහැකි වුවහොත් මෙම භාණ්ඩාගාර බැදුම්කර වල වටිනාකම අඩුවනු ඇතැයි කියාය.එවිට පාඩුව වන්නේ චීනයටය.

ඇමෙරිකාව් උද්ගත වී ඇති තත්ත්වය මුළු ලොවටම බලපාන බව ආර්ථීක විශ්ලේශකයින්ගේ මතයයි.ඒ එතරම් ණය ප්‍රමාණයක් ඇමරිකාව මත පැටවී ඇති හෙයිනි.මෙම ණය ගෙවීමට ඇමරිකාව අපොහොසත් වන්නේ නම් එහි ප්‍රතිවිපාක ඇමරිකාවට පමණක් නොව ලොව සියලූ රටවලට විදින්නට සිදුවනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ලොවටම වින කරන මෙවන් තත්ත්වයන් ඇති කරන ඇමෙරිකාව ගැන මහත් ඉහළින් සිතා සිටීම අත්හළ යුතු යැයි චීනයේ අදහසයි.

ඇමෙරිකාවේ රජයේ බහුතර බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට වුවත් සෙනට් සභාවේ බහුතර බලය ඇත්තේ විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයටය.මෙනිසා ඇතැම් අවස්ථාවන් වල රජය ගෙන එන යෝජනා වලට සෙනට් සභාවේ අනුමැතිය හිමි නොවීම පසුගිය සමය පුරා දක්නට ලැබුණි.

දැනට පවතින තත්ත්වය සළකා සෙනට් සභාව රජය සමග සාකච්ඡා කර යළිත් ඇමරිකාව පණගැන්වීමට සූදානම් වන බව සදහන්ය.

 



අදහස් (0)

ඇමෙරිකාව අලි අමාරුවේ

ටිරෝන් Monday, 14 October 2013 05:15 PM

අනේ අපිට නම් කිසිම ප්‍රතිවිපාකයක් නැහැ (නි)

:       0       0

සිල්වා Monday, 14 October 2013 10:53 PM

දෙමළ ඩයස්පෝරාවට මේවා හොද පාඩම්. පිල්ලේත් මෙය සිතට ගත යුතුයි. (නි)

:       0       0

ශිරන් Monday, 14 October 2013 11:04 PM

චීනේ යැපෙන්නෙත් ඇමෙරිකාව නිසා කියල කවුරුත් දන්නේ නැතුව ඇති. ඇමෙරිකාවේ වෙළඳ පොලේ තියෙන චීන බඩු නතර කලොත් චීනෙට වෙනදේ චීනේවත් දන්නේ නැහැ. ඒ වගේම බටහිර රටවල් වලින් චීන බඩු ඉවත් කලොත් චීනෙට වෙනදේ දෙය්යෝ තමා දන්නේ. (දිල්)

:       0       0

කුමාරන Monday, 14 October 2013 05:53 PM

චිනය කියන කතාව හරියට හරි. ඇමෙරිකාව විතරක් නොවෙයි එංගලන්තය,ඉතාලිය,පෘතුගාලය,අයර්ලන්තය,ග්‍රීසිය වගේ හොඳ ආර්ථිකයක් තිබුණු රටවල් විනාශයි.නැවත ඉතින් ගොඩ එනවා බොරු.මෙම රටවල දහස් ගණන් දෙන ඉන්නේ මහ පාරවල් වලට වෙලා. (නි)

:       0       0

මර්වින් Monday, 14 October 2013 06:27 PM

අයියෝ ඔය ක්‍රමයක් දාලා මන්ත්‍රීලා ටිකක් මෙහා පැත්තට ගත්තා නම් හරිනේ (නි)

:       0       0

සමන් Monday, 14 October 2013 07:32 PM

අපිට නම් ඕකෙන් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ණය ගන්නෙ චිනයෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Monday, 14 October 2013 03:05 PM

ඔන්න ඇමරිකාවේ ඇත්ත තත්වය!!!! (නි)

:       0       0

කුමාරි Monday, 14 October 2013 03:35 PM

හැම රටකම අභ්‍යන්තරයට ඇඟිලි ගහන ප්‍රශ්න කරන ඇමරිකාව මෙහෙමනම්?? (ස)

:       0       0

ආරයසේන Monday, 14 October 2013 08:44 PM

එම රටවල් වල ඉන්වෙස්ට් කර ඇති රටවල් වල ආර්ථිකයට මේ ඉතා තදින් බලපාන අතර ඔහුන්ගේ ආධාර සහ නය මත යැපෙන දිළුඳු රටවල ආර්ථිකයට ඒ රටවල්වලටත් වැඩිය බලපානු ඇත. (අ)

:       0       0

මගරි Monday, 14 October 2013 04:19 PM

මගේ අදහස නම් ඇමරිකාවේ ආර්ථික අර්බුදය කෙටි කාලීනව අනෙකුත් රටවලට අහිතකරව බලපෑවත්, දිගුකාලීනව හිතකර බවයි. (ස)

:       0       0

රූපා Monday, 14 October 2013 04:24 PM

ලෝක පොලිස්කාරයා කොහොම උනත් වංසේ කබල් ගගා අනුන්ගේ ඉඩමේ කහල ගොඩවල් අවුස්සනවා. ගෙදර එකම කුණු වලක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site