
ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින් තිබියදී එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයේ ගැටුණේ ඇමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත්, රට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන මගී යානයකි.
මගීන් 65 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සමඟ අංක 5342 නමැති එම යානය, කැන්සාස් ජනපදයේ විචිටා නුවර සිට වොෂින්ටන් අගනුවර රේගන් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබියදී හමුදා හෙලිකොප්ටරයේ ගැටුණු බව මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් සිදුවුණු ජීවිත හානි ගැන මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න තරමින් එක් එක් කාණ්ඩයට අයත් ගුවන් යානා ගමන් කළ යුතු නිශ්චිත උස ප්‍රමාණයන් සැහැල්ලු ගුවන් යානා මගී ප්‍රවාහන ජෙට් යානා යුද ගුවන් යානා ආදි වශයෙන් නිර්ණය කර ඇත