IMG-LOGO

ඇමෙරිකන් යුද නැව් දෙකක් චීනය අවුස්සයි

ඇමෙරිකානු නාවික හමුදාවේ යුද නැව් දෙකක් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාව පවසා ඇත්තේ, චීනය, තායිවානයට අනතුරක් වන අයුරින් යුද අභ්‍යාස පැවැත්වීමට විරෝධය පළ කරමින් තම යුද නැව් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බවය.

චීනය තායිවානයට අනතුරක් වන අයුරින් යුද අභ්‍යාසයක් පැවැත්වූයේ චීන යුද නැව් 8 ක් සහ ප්‍රහාරක ජෙට් යානා 23 ක් යොදා ගනිමිනි.

තායිවානය යනු චීනය අසල පිහිටි දූපතකි. තායිවානයට වෙනම පාලනයක් ඇති නමුත් චීනයේ විශ්වාසය ‘එක් චීනයක්’ සංකල්පය යටතේ තායිවානය තමන්ට අයත් කොටසක් ලෙසය.

තායිවානයත් චීනයත් අතර පවතින අර්බුදය උත්සන්න වීමට හේතුව මෙම මස මුලදී ඇමෙරිකන් කතා නායිකා නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයයි.

පෙලෝසිගේ එම සංචාරයෙන් අනතුරුව, ඇමෙරිකන් රජයේ නියෝජිත කණ්ඩායම් විටින් විට තායිවානයේ තායිපේ අගනුවරට පැමිණියේය. මෙය චීනය කෝප ගැන්වීමට හේතුවක් වූ අතර චීනය තායිවානයට වෙළෙඳ සම්බාධක පවා පැනැවීය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් යුද නැව් දෙකක් චීනය අවුස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 360 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site