IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇමරිකානු නාවික හමුදා ගැන චීනයත් රුසියාවත් තොරතුරු සොයති

(ඩේලිමේල් ඇසුරිනි-055)

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් උතුරු කොරියාවට අයත් මුහුද දෙසට එවා ඇති නාවික හමුදා බලඇණිය පළවා හැරීම සඳහා චීනය සහ රුසියාව බුද්ධි තොරතුරු එක්රැස් කරන යාත්‍රා යවා ඇතැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තා කරයි.

ප්‍රහාරක ගුවන් යානා රැගෙන යෑමේ හැකියාව සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සහිත ඇමෙරිකා නාවික හමුදාවට අයත් යු.එස්.එස් කාල් වින්සන් යුද නෞකාව කොරියානු අර්ධද්වීපයට යැවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කළේය. මෙම නෞකාවට ප්‍රහාරක ගුවන් යානා 100ක් රැගෙන යා හැකි ඇති විශාල ප්‍රහාරක ශක්තියක් ද හිමිය. ඊට අමතරව ඇමෙරිකාව කොරියානු අර්ධද්වීපයට සබ්මැරීනයක් ද යවා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් චීන සහ රුසියානු බුද්ධි අංශ මෙම යාත්‍රාව පසු පස ගමන් කරමින් තොරතුරු එක්රැස් කිරීම නිරත වී ඇතැයි ජපාන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. 

ඇමෙරිකාව මේ වනවිට දිගින් දිගටම කොරියානු අර්ධද්වීපය තුළත් එම කලාපයේත් තම යුදමය ශක්තිය වැඩි කරමින් සිටින අතර එය චීනයේත් රුසියාවේත් දැඩි කනස්සල්ලට හේතු වී තිබේ.

උතුරු කොරියාව සම්බන්ධයෙන් ඉවසා සිටි කාලය අවසන් බවට ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් කළ ප්‍රකාශයත් සමඟ රුසියාව ඊට ප්‍රතිචාර දැක්වීය. උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව තනි තීරණ ගන්නේ නම් තිබෙන තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි ද රුසියාව අනතුරු අඟවා තිබේ.

"මෙය ඉතා අවදානම් වැඩක්. ඇමෙරිකාව හිතුවක්කාර විදියට වගකීමක් නොමැතිව එක්සත් ජාතීන්ගේ සම්මුතීන් කඩකරමින් උතුරු කොරියාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළොත් අපි කිසිවිටෙකත් එය අනුමත කරන්නේ නැහැ.“

“ඇමෙරිකාව මෑතකදී සිරියාවට ප්‍රහාර එල්ල කරමින් හිතුමතේ වැඩ කළා. ඔවුන් සිරියාව සම්බන්ධයෙන් තනි තීරණ ගත්තා. එය කිසිම විදියකින් අනුමත කරන්න බැහැ. ඇමෙරිකාව ඉදිරියේදී එහෙම කටයුතු කරන එකක් නැහැ කියලා අපි බලාපොරොත්තු වෙනවා" යැයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මොස්කව් නුවරදී මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.



අදහස් (1)

ඇමරිකානු නාවික හමුදා ගැන චීනයත් රුසියාවත් තොරතුරු සොයති

lalithsjm Tuesday, 18 April 2017 10:20 AM

ඇමෙරිකාව හරියට අපේ ආණ්ඩුව වගේ අනිත් හැම රටක්ම අපේ ජනතාව වගේ. ආණ්ඩුවට ඕන දේ ඒගොල්ලෝ කරනවා අපේ කට්ටිය එකේ ගුණ අගුණ ගැන කතා කරනවා විතරයි.

:       0       223

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 45 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site