පෙර දැනුම් දීමකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙසේ යුක්රේනයට පැමිණියේ රුසියන් යුක්රේන යුද්ධයට වසරක් සම්පූර්ණ වෙද්දීය.
බයිඩන් උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී ඇතුළු රජය කටයුතු කළේය.
රුසියන් යුක්රේන යුද්ධයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. තව දුරටත් යුක්රේනයට සහාය දෙන බව යුක්රේන ජනාධිපති හමුවේ, ඇමෙරිකන් ජනපති බයිඩන් ප්‍රතිඥා දුන්නේය.
බයිඩන්ගේ මෙම යුක්රේන සංචාරය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රජය සිය දැඩි විරෝධය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකන් ජනපති බයිඩන් යුක්රේනයේ