
පෙර දැනුම් දීමකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙසේ යුක්රේනයට පැමිණියේ රුසියන් යුක්රේන යුද්ධයට වසරක් සම්පූර්ණ වෙද්දීය.
බයිඩන් උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී ඇතුළු රජය කටයුතු කළේය.
රුසියන් යුක්රේන යුද්ධයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. තව දුරටත් යුක්රේනයට සහාය දෙන බව යුක්රේන ජනාධිපති හමුවේ, ඇමෙරිකන් ජනපති බයිඩන් ප්‍රතිඥා දුන්නේය.
බයිඩන්ගේ මෙම යුක්රේන සංචාරය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රජය සිය දැඩි විරෝධය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd