
ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි.
නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.
කතානායක ලෙස කෙවින් මැකාති ගත් තීන්දු තීරණ, ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, රිපබ්ලිකන්වරුන් බොහෝ දෙනකුගේ ද අප්‍රසාදයට හේතුවක් වී තිබුණි. මැකාතිට විරෝධයක් මතුවූයේ එහෙයිනි.
මැකාති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළේ රිපබ්ලිකන් පාක්ෂික ෆ්ලොරීඩා කොංග්‍රස්සභික මැට් ගේට්ස්ය.
ගේට්ස්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකි. මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට කැරැලි ගැසූ රිපබ්ලිකන්වරුන්ගෙන් වැඩි දෙනා ට්‍රම්ප් හිතවාදීන්ය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු එම යෝජනාවට පක්ෂව, මැකාති ධුරයෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස 216 කි. මැකාතිට පක්ෂව ඡන්දය දුන් ගණන 210 කි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිටින සියලුම ඩිමොක්‍රටික් සාමාජිකයන් ගණන 208 කි. ඔවුන් සියලු දෙනා මැකාතිට එරෙහිව ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.
ඇමෙරිකන් කතානායකවරයකු මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ පළමු වරට යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපට මේක කරන්න බැරි?
ඒ උනාට අපේ එකා යවන්න ලේසි නැහැ