ඉන්දියාව හා චීනය වැනි ආසියාතික රටවල සිසුන් හමුවේ ඇමරිකාවේ සිසුන් දෙවැනි තැනට වැටෙන තත්ත්වයක් උදා වී ඇතැයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා බෘක්ලින්හි උසස් පාසැලක පැවති හමුවකදී පැවසීය.
විශේෂයෙන් තාක්ෂණය හා ගණිතය යන ක්ෂේත‍්‍ර වල රැකියා හා පර්යේෂණ කටයුතු සැළැකීමේදී ඇමරිකා සිසුන්ගේ දායකත්වය සැළකිය යුතු මට්ටමකින් අඩුව තිබෙන්නේ යැයිද ඒ අඩුව දැන් පුරවන්නේ ආසියාකරයෙන් පැමිණෙන සිසුන් යැයිද ඔහු කීවේය.
මෙම තත්තවය දිගින් දිගටම පැවතුනහොත් ඇමරිකාවේ සිසුන්ට රැකියා සෙයාගැනීම අභියෝගයක් වනු ඇතැයි ඔහු මත පළ කළේය.
පෙර නොතිබූ තරගකාරී වාතාවරණයක් දැන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇතිව තිබෙන්නේ යැයි කියූ ජනපති ඔබාමා පෙර ඇමරිකාවේ හා යුරෝපයේ රටවලට සීමා වී තිබූ රැකියා වෙළදපොල දැන් මුළු ලොවටම විවෘත වී තිබෙන්නේයැයිද දැන් ව්‍යවසායකයන් තැන දෙන්නේ රටට නොව දක්ෂතාවයට යැයිද සදහන් කළේය.
ඇමරිකාවේ ඉහළ ගොස් ඇති අධ්‍යාපන වියදම් පිළිබදවත් සදහන් කළ ඔහු උපරිම ආකාරයෙන් වියදම් කපා හැරීමට කැප වී කි‍්‍රයාකරන බව පැවසුවේය.අයවැයෙන් අනවශ්‍ය ක්ෂේත‍්‍ර වලට යන වියදම් කපා හැර වැඩි සැළකිල්ලක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට යොමුකරන බව ඔහු සහතික කළේය.
රැස්ව සිටි සිසුන්ට තම අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් සිදුකරන ලෙස උපදෙස් දුන් ඇමරිකා ජනපතිවරයා ඇමරිකාව පෙර තිබූ සෞභාග්‍යමත් තලයට ගෙන යෑමේ වගකීම ඇත්තේ ඔවුනට යැයි මතක් කර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්නේ නැතුව තමන්ගේ දෙයක් බලාගෙන හිටියා නම් අද ඔහොම වෙන්නේ නැහැනේ. (නි)
ලංකාවේ අධ්‍යාපනය යොදන මුදල් අඩු කරලා!!! ඒ මදිවට දක්ෂයන්ව කප්පාදු කරලා. අනේ අපේ රටට ගිය කලක්. (නි)
ඔව්. ඇමරිකා වල හොද මොළ ඇති මිනිසුන් සිටිති (නි)
දැනුයි තේරිලා තියෙන්නේ.මෙහෙ ළමයි ගණන් වලට හරිම බයයි.ඉහළට ඉගෙන ගන්න උනන්දුවක් එච්චරම නැහැ ලංකාවේ ළමයි වගේ.එකක් ගෙවල් වලින් සල්ලි දෙන්නේ නැතිකම.ඉගෙන ගන්න ළමයිනුත් රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්නේ.ලංකාවේ වගේ පහසු නැහැ.ආසියාතික ළමයි ඉගෙනීමට හරියට මහන්සි වෙනවා.එහෙම කැපවීමක් ඇමරිකන් සිසුන් තුළ නැහැ.හරිම අඩුයි.ගොඩක් ඉහළ තැන් වල ඉන්නේ විජාතිකයෝ (නි)
එහෙනම් ජානි මොකට ඔහාට වෙලා දුක් විඳ විඳ ඉන්නවද මෙන්න මෙහෙ ලංකාවට ඇවිල්ල ඉන්නේ නැතිව. (ස)
ඇමරිකාව කොහොමටත් කන්නේ අනුන්ගේ පරිප්පු. ඇමරිකන් කාරයා ජිවත් වෙන්නෙ බයෙන්. (ස)
පෙත්තට තේරුණා. (ස)
කඩුව මොටවේ. කළුවා රජවේ (නි)
පෙත්තා,ලාංකික දෙමව්පියන් දරුවෝ වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳින බව ඔයා දන්නෙම නැද්ද? අපිත් මෙහෙ ආවේ දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන්.ලංකාවේ තරඟකාරී අධ්‍යාපන රටාව නිසා ඇති වෙන්න පුළුවන් පීඩනයෙන් ඔළු නිදහස් කරගෙන නිවාඩුපාඩුවේ ඉගෙන ගන්න ඉඩ සලස්වන්න ඕනෑ නිසා.ලංකාවේ වගේ නොමිලේ සරසවි අධ්‍යාපනයක් නැති නිසා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනෑ.එත්,මහන්සිවෙලා ඉගෙනීමේ වැඩ කරනවා නම් ,ශිෂ්‍යත්ව ලබාගෙන අතින් වියදම් නොකර ඉගෙන ගන්න පුළුවන්.ආ කටයුත්ත කරගෙන ආපහු ලංකාවට එන්න තමයි බලාපොරොත්තුව. (නි)
කඩු වර්ගත් දෙකක් තිබෙනවා (නි)
සංවර්ධිත රටවල බොහෝ කලක සිට ඔය දේ සිදුවෙමින් පවතිනවා. (නි)