ජාතික ආරක්ෂක ඒජන්සිය සිදු කරන ඔත්තු බැලීම් සීමා කරන ලෙසටත්, දුරකතන සංවාද හොරෙන් අසා සිටීම නවත්වන ලෙසටත් බලකරමින්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පසුගිය දින කිහිපයේ විරෝධතා රැලි කිහිපයක් පැවැත්විණි.
විරෝධතා රැලි සංවිධානය කර තිබුණේ, ඇමෙරිකන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයයි. ඒ අතරින් ප‍්‍රමුඛත්වයක් ගෙන සිටියේ ‘ඉලෙක්ට්‍රොනික් ෆ‍්‍රන්ටියර්’ පදනම යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතා රැුලියට 5,000 කට ආසන්න ඇමෙරිකානුවෝ පිරිසක් එක් වී සිටියහ. ඇමෙරිකානු රජය, ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත්වෙමින්, ඔත්තු බැලීමේ කටයුතු සඳහා, ‘පේට්රියොට් ඇක්ට්’ පනත යටතේ නව නීති සකස් කළේ මීට වසර 12 කට පෙරය. ඒ, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුවය.
එවැනි සිදුවීමක් යළි සිදුනොවීම වැළැක්වීමට ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ උදව් ඇතිව ඔත්තු බැලීම් සිදු කරයි.
එම ඔත්තු බැලීම් ඇමෙරිකාවට පමණක් සීමා වී නැත. මුළු ලෝකය පුරාම එම ඔත්තු බැලීම් කි‍්‍රයාත්මක වෙයි.
මේවනවිට එම ඔත්තු බැලීම් හේතුවෙන් ඇමෙරිකාවට ඇමෙරිකාවේ මිතුරු රටවලින් දොස් අහන්න පවා සිදුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd