IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා ගිය සූ කීට උණුසුම් පිළිගැනීමක්

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ඊයේ (18) පැමිණි මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට උණුසුම්  පිළිගැනීමක් හිමිවිය. ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබුණේ ඇයට වීරවරියකගේ පිළිගැනීමක් හිමිවුණු බවය. සූ කී ඇමෙරිකාවට පැමිණෙන්නේ දශක දෙකකට පසුව වීම ද සුවිශේෂත්වයකි. අවසන් වරට ඇය ඇමෙරිකාවට පැමිණියේ 1990 වසරේ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය පක්ෂය මියන්මාර මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට පෙරය. එවකට මියන්මාරය පාලනය කළ හමුදා ජුන්ටාව, සූ කී වසර 20 කට වැඩි කලක් නිවාස අඩස්සියට පත් කර තැබුවේ ද එම මහ මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසුවය. ඇමෙරිකාවේ සිටිද්දී සූ කී 1969 වසරේ සිට 1971 තෙක් කාලයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රාජකාරි කළාය. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර ඇමෙරිකාවේ පැසැසුමට ලක් වූයේ ඇය නිවාස අඩස්සියට පත් කළ දා සිටය. එවකට මියන්මාරයේ පැවැති හමුදා පාලනයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව ආර්ථික, වෙළෙඳ සහ දේශපාලන සම්බාධක පැනැවූයේ ද එහෙයිනි. හමුදා පාලනය අවසන් වීමෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් පාලනයකි. සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී කි‍්‍රයාත්මක කිරීම නිසා අතුරු මැතිවරණයකින් ජයග‍්‍රහණය කළ සූ කී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ද වෙයි. විදෙස් සම්බාධකවලින් මිදී රට ඉදිරියට ගෙන යෑමට මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් සූදානමින් සිටින අතර ඒ සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව මෙන්ම විපක්ෂ නායිකාව ද වන සූ කීගේ සහාය මියන්මාර රජයට ඉතා වැදගත් වේ. සූ කී ඇමෙරිකාවට පැමිණෙද්දී තවත් දේශපාලන සිරකරුවන් 500 දෙනකු නිදහස් කිරීමටද මියන්මාර රජය කටයුතු කළේය. එම සිරකරුවන් නිදහස් කිරීම සිදු වුණේ මියන්මාර රජය තවත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිහිපයක් කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රතිපලයක් වශයෙනි. මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් ද ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල පැසැසුමට ලක් වී සිටින අතර ඔහු ද තව දෙසතියකින් ඇමෙරිකා සංචාරයකට පැමිණෙනු ඇත. ඔහු ඇමෙරිකාවට පැමිණෙන්නේ ඇමෙරිකා රජයේ ආරාධනාවකටය. සූ කී ජනපති ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ පමණක් නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ද කැපී පෙනෙන තාරකාවක් වී ඇත. ඔබාමාගේ ප‍්‍රතිවාදියකු වන රිපබ්ලිකන් සෙනෙට් මන්තී‍්‍ර මිච් මැකොනෙල් ඇයට ආරාධනා කර ඇත්තේ කෙන්ටකි ප‍්‍රාන්තයට පැමිණ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ඡුන්ද රැුස්වීමක දේශනයක් පවත්වන ලෙසටය. වොෂින්ටන් අගනුවර සංචාරයෙන් පසු ඇය නිව්යෝක්, බොස්ටන්, ඉන්දියානා, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ ලොස් ඇන්ජලීස් යන නගරවල ද සංචාරය කිරීමට නියමිතය.



අදහස් (0)

ඇමෙරිකා ගිය සූ කීට උණුසුම් පිළිගැනීමක්

සිල්වා Wednesday, 19 September 2012 12:25 PM

ආසියාවේ රටකට තවත් බටහිර ගැතියෙක්...(ස)

:       0       0

ඩියෝ Wednesday, 19 September 2012 07:00 PM

ලංකාවටත් එන්නකෝ. (නි)

:       0       0

සේනානායක Wednesday, 19 September 2012 01:39 PM

සැබැවින්ම වීරවරිවක්..(ස)

:       0       0

සමන්ත Wednesday, 19 September 2012 02:09 PM

ඒ ගොල්ලෝ නියම පාරේ අපි මඩ පාරේ ..(ස)

:       0       0

සල්ස් Wednesday, 19 September 2012 03:38 PM

මේවා රඟපෑම් කියලයි මට හි‍තෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 696 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17856 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site