ඇමෙරිකාවේ ලූසියානා ජනපදයේ, ගෙයිස්මාර් නුවර රසායනික කම්හලක ඊයේ (14) ප‍්‍රබල පිපිරීමක් සිදුවූ අතර එයින් එක් අයකු මියගොස් 73 දෙනෙක් තුවාල ලැබූහ.
පිපිරීමෙන් පසු කම්හලේ ගින්නක් ද හටගත් අතර විස දුම් වලා අවට පැතිර යෑම හේතුවෙන් කම්හල අසල පිහිටි නිවාස සහ ගොඩනැගිලි හිස් කිරීමට බලධාරීහු යුහුසුළු වූහ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පරීක්ෂණ කටයුතු දිගටම පැවැත්වෙයි.