IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඇමෙරිකා කාම චිත්‍රපට නවතී?

ඇමරිකාව කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක වන කාම චිත‍්‍රපට වල නිෂ්පාදන කටයුතු ඇන හිටීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ.

මෙකී කාම චිත‍්‍රපට වල රගන නළුවෙකු එච්.අයි.වී. ඒඞ්ස් ආසාදිතයෙකු බවට වෛද්‍ය පරීක්ෂණ වලින් සනාථ වී තිබීම මීට හේතුවයි.

මින් පෙර අවස්ථාවකදීද නළුවෙකු හා නිළියක එච්.අයි.වී ආසාදිතයන් යැයි තහවුරු වීම නිසා ඇමරිකාවේ කාම චිත‍්‍රපට සියල්ලගේ නිශ්පාදනයන් අත්හිටුවා තිබුණි.නමුත් පසුව තම තමන්ගේ සුපුරුදු කි‍්‍රයාකාරකම් වලට නිශ්පාදකයින් හා නළු නිළියන් යොමුවී සිටිනු දැකගත හැකිවිය.

යළිත් වරක් ඒඞ්ස් බිය පැතිර ඇති මේ අවස්ථාවේ පෙර මෙන් නොව කාම චිත‍්‍රපට වල රගන නලූවන්ට උපත් පාලන කොපු භාවිතය අනිවාර්ය කිරීමේ යෝජනාවක්ද ගෙන ඒමට සැළසුම් කර ඇතැයි සදහන්ය.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් පළ කරන බොහෝ දෙනා පවසන්නේ කාම චිත‍්‍රපට වල රගා ඒඞ්ස් ආසාදනය වීම කල කම් පල දීමක් වැනි වන බවයි.ලෝකයේ ස්තී‍්‍ර දුෂණයන්ට ළමා අපචාර වලට සෘජුවම වගකිව යුත්තේ මෙකී කාම චිත‍්‍රපට බව ඔවුන්ගේ අදහසයි.



අදහස් (0)

ඇමෙරිකා කාම චිත්‍රපට නවතී?

සමන් Sunday, 08 December 2013 10:30 PM

දැන් ඉතින් අපිට මොකද වෙන්නේ? (නි)

:       0       0

අජිත් Tuesday, 10 December 2013 08:20 AM

හැම රටේම තියෙන ඒව ලංකාවට ගැළපෙන්නෙ නැහැ. ලිංගික අධ්‍යාපනයක් මෙහෙට ඕනෑ නැහැ. ගණිකා වාත්තිය නීතිගත කරන්න කියන අයනේ ඉන්නේ මෙහේ. එනිසා ඕනෑ නැති දේවල් නොකියා අපරාධ වලට දඩුවම් කරමු. මිනීමැරුමක් හදිසි කෝපයෙන් කළාට, ස්ත්‍රී දුෂණයක් හදිසි කෝපයෙන් කරන්න බැහැනේ. සිරකරුවෝද මනුෂ්‍යයෝය කිවුවට මොවුන් මිනිස්සුද? (නි)

:       0       0

ජා‍ේන් Sunday, 08 December 2013 06:04 PM

මමත් ළගදි චිත්‍රපටියක් කරන්න බලපොරොත්තු වෙනවා. (නි)

:       0       0

සෙලනිකස් Monday, 09 December 2013 01:44 AM

අදහස් දාන ගොඩක් දෙනාට ඉතින් ඇමරිකාවට ගහන්න තියෙනවා නම් හරි සතුටුයි වගේ. ඇත්තටම ලංකාවේ නළු නිළියන්ගේ ක්‍රියා කලාප බලලා මේ වගේ තීරයකට ගත්තා නම් මේ වෙනකොට මෙහෙ ටෙලි නාට්‍ය හදන එක නවත්වලා ගොඩක් කල්. (නි)

:       0       0

කලන Monday, 09 December 2013 12:19 PM

අනේ ඒකත් ඉවරයි... මෙච්චරයි තිබුනේ... (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 08 December 2013 12:55 PM

පුළුවන් තරම් ලෝකෙට ලෙඩ බෝකරලා දැන් අත් හෝදගන්නවා.කරලා තියෙන්නෙත් කරන්නෙත් පටන් ගන්නෙත් ඒ මිනිසුමයි.(දිල්)

:       0       0

නරනප්පා Sunday, 08 December 2013 06:33 PM

ඉවරයි! මමත් විනෝදෙකට කියලා කළේ ඔච්චරයි (නි)

:       0       0

ලාල් - නුවර Tuesday, 10 December 2013 09:53 AM

මේ අරාබි රටවල් වල නම් ඔය විකාර මොකුත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයකුත් නැහැ. (ස)

:       0       0

කුමාරන Monday, 09 December 2013 07:03 PM

'දිට්ට ධම්ම වේදනීය කර්මය'' (නි)

:       0       0

ශාන් Monday, 09 December 2013 04:04 AM

සමහරවිට ඒක අැමෙරිකවට ලොකු ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. මොකද එහේ සියයට අසුවක් විතර පවුල් කන්නේ නැහැ. එනිසා ඒක අපි එතරම හිතන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 10:23 AM

"මමත් ළගදි චිත්‍රපටියක් කරන්න බලපොරොත්තු වෙනවා" නිලියට රඟපාන්න වෙන්නේ ඔබටම තමයි. නළුවෝ නම් සොයාගන්න පුළුවනි ඕනේ තරම්. (ස)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 10:25 AM

"මේ අරාබි රටවල් වල නම් ඔය විකාර මොකුත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයකුත් නැහැ." ඔය අරාබි මෙවැනි චිත්‍රපටි දැකල නැති නිසා නේද?? (ස)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 10:35 AM

"දැන් ඉතින් අපිට මොකද වෙන්නේ?" මුකුත් වෙන්නේ නැහැ හිටපු විදිහටම තමයි. (ස)

:       0       0

ජගත් Sunday, 08 December 2013 06:52 PM

ඉදලා ඉවරයි.අපි මේවට විරුද්ධව උපවාස කරමු. (නි)

:       0       0

සත්‍යජිත් Sunday, 08 December 2013 02:04 PM

කෝ දැන් අපේ ඇමෙරිකාව පට්ට ගහන වීරයෝ? ඇමෙරිකාව ට හොඳ නැති ඕනෙම ලෙඩක් අපේ ශ්‍රී ලාංකිකයෝ උඩ පැනල බාර ගන්න වා. (ස)

:       0       0

මදු ..ප්‍රංශය Sunday, 08 December 2013 07:21 PM

හොද නරක තෝරා බේරා ගැනීම නරඹන්නන් සතුයි.(නදී)

:       0       0

චමිල Monday, 09 December 2013 02:18 PM

අපේ ගමේ කෙනෙක් හිටියා, ඕවා බලල ගිහින් හවසට නගරයට ගිහින් පන්ති ඇරිලා ගෑනු ළමයි එන සෙනඟ පිරුණු බස් සොය සොයා නගිනවා. බස් එක කොහේ යනවද කියලවත් සොයන්නේ නැහැ. (ස)

:       0       0

සරත් Monday, 09 December 2013 07:08 AM

මේ ප්‍රතිචාර දාන සිරිල් සංජු වගේ අයට නිවුස් එකවත් වටහාගන්න තරම්වත් දැනුමක් නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)

:       0       0

සිරිල් Sunday, 08 December 2013 07:42 PM

දයා, ඇටෙන් පොත්තෙන් මෝරන අය කුතුහලය නිසා ලිංගික කාරණා වලට ආකර්ශනය වෙනවා.එය මනුස්ස ස්වභාවය. නිවැරදි ලිංගික අධ්‍යපනය තුලින් ඔවුන්ට හරි වැරදි කියා දිය හැකියි. ලිංගිකත්වය ගැන රටෙහි නිසි කතිකාවතක් නැතිකමින් තමා වයස10-15 දැරියන් තමන්ගෙ පියාගෙන් පවා දුෂණය වෙන්නෙ.ඇතැම් දරුවන්ට එය වැරදි ක්‍රියවක් කියාවත් අවබෝධයක් නැහැ පැමිණිලි කරන්නවත් (නි)

:       0       0

චන්දිම Sunday, 08 December 2013 07:55 PM

සිරිල් ඔය කියන කතාවේ අැත්තක් තියෙනවා. හැබැයි කිව්ව විදිය වැරදියි. කාමුක චිත්‍රපටි වලින් කෙනෙක් වින්දනයක් ලබලා ඒ නිසා ස්ත්‍රී දුෂණ ඒවා මේවා අඩු වෙනවා නම් හොදයි. හැබැයි වෙන්නේ ඕකේ අනිත් පැත්ත. කාමුක චිත්‍රපට ඒවා බලන කෙනාව පිස්සෙක් කරනවා. එතකොට ස්ත්‍රී දුෂණ වැඩි වෙන්න පුළුවන්. (නි)

:       0       0

සිරිල් Sunday, 08 December 2013 08:13 PM

එය නරඹන පුද්ගලයා අනුව තිරණය වන්නක්.කාම චිත්‍රපටයක් බලලා මනුස්සයා ස්ත්‍රි දුෂණ,ළමා අපචාර වලට පෙලඹෙනවා නම් ඔහු නියත වශයෙන්ම මානසික රෝගියෙක්. එවන් අය කාම චිත්‍රපටයක් නොබැලුවත් කිනම් හෝ උත්තේජනයක් මත ස්ත්‍රි දුෂණ,ළමා අපචාරවලට පෙලඹිය හැකියි. (නි)

:       0       0

සේරම් Monday, 09 December 2013 08:14 AM

මගේ මනාපය සිරිල්ට. (නදී)

:       0       0

සිරිල් Sunday, 08 December 2013 04:03 PM

කාම චිත්‍රපටි තහනම් කරන එක ස්ත්‍රි දුෂණ,ළමා අපචාර වැඩි වීමටද හෙතුවිය හැකියි. මක් නිසාද යත් ලිංගික අසහනකරි පුද්ගලයන් කාම චිත්‍රපටි තහනම තුලින් අහිමිවු ආශ්වදය වෙනත් ක්‍රම වලින් සෙවිමට පෙලඹිය හැකි නිසා. මාගෙ අදහස වනුයේ ලිංගික අධ්‍යපනය හා මානසික චිකිත්සාව වඩා ප්‍රචලිත කිරිම ඵලදායි වන බවයි. (ස)

:       0       0

රොහිත Monday, 09 December 2013 04:25 PM

කට්ටිය දැන් මෙහෙ බයිලා ගහනවා. අනේ නිකන් කට පියාගෙන ඉන්නවලා. ඕව නොබලපු උන් ලංකාවේ ඉන්නවද?? (ස)

:       0       0

දයා අලහකෝන් Sunday, 08 December 2013 04:17 PM

සිරිල් ඔබේ අදහස විදියට ලිංගික අධ්‍යාපන, මානසික චික්තිසාව ප්‍රචලිතකිරීම් හොඳයි ඇටෙන් පොත්තෙන් මෝරන උන් ප්‍රායෝගිකව මේක ඇත්ත ද කියා නොබලයි ද ? (ස)

:       0       0

සංජු Sunday, 08 December 2013 04:26 PM

සිරිල් කියන දේ තමයි මටත් කියන්න ඕනේ. කොහෙද අපි ලියන ඒවා දාන්නේ නැහැනේ.උණුසුම් අදහස් වලටත් ඉඩක් තියෙන්න ඕනේ. (ස)

:       0       0

ආරියසේන Tuesday, 10 December 2013 04:48 AM

මේකත් එක්තරා රැකියාවක්.ඒ රටේ නතර වෙනකොට අපේ රටේ ඒවා නිෂ්පාදනය පටන් ගනීද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1187 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 99 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 95 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1393 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1740 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2807 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site