ඇමරිකාවේ ඌටා ප්‍රාන්තයේ සෝල්ට් ලේක් නගරයේ චෝල් ජෙනින්ග්ස් තම අතපය කරදරයක්  බව කියන්නිය.

වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇති ආකාරයට චෝල් ඉතා විරල ගණයේ මානසික රෝගයකින් පීඩා විදී. එම රෝගයට අනුව තමන් දෑත් දෙපා අහිමි ආබාධිතයෙකු යැයි සිතා කටයුතු කිරීමට පුද්ගලයින් පෙළැඹේ.චෝල් ද සිය දෙපා හා දෑත් සළකනුයේ කරදරයක් ලෙසටය.

මතකය අවදි කරන චෝල් තමන්ට ආබාධිතයෙකු වන්නට අවශ්‍ය යැයි සිතුනේ වයස අවුරුදු 9 ක් පමණ කුඩා අවදියේදී සිට බව සදහන් කරන්නීය.වරක් විහින් ආබාධිත වීමේ අරමුණින් තම පාපැදිය කන්දකින් පහළට ධාවනය කළ ආකාරයද ඇය සිහිපත් කරන්නීය.කන්දෙන් පහළට පෙරැලී තම හිස වේගයෙන් ගලක වැදී සිහිසුන් වූ බවත් සිහිය එන විට සිටියේ රෝහලක බවත් ඇය පවසන්නීය.තමන්ට අවශ්‍ය වූයේ දෙපා අඩපණ කර ගැනීමට පමණක් වූවත් අනතුරින් පසු වෛද්‍යවරුන් පැවසූ ආකාරයට හිසට සිදු විය හැකි හානි වලින් දෙපා පමණක් නොව මුලූ ඇගම අප්‍රාණික වී ආඝාත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයින් පසුව එවන් අනතුරු කර ගැනීමට තැත් කිරීම අත්හල බවත් ඇය කියන්නීය.

ආබාධිත වීමට ඇති ආශාව දමනය කර ගැනීමට නොහැකි තැන චෝල් සිය දෙපයේ පිටුපසට ලී පටි තබා බැදගෙන සිටින්නීය.මේ ලී පටි නිසා ඇයට සිටගැනීමට නොහැක.එමනිසා ඇය එහා මෙහා යන්නේ රෝද පුටුවක නැගීය.ඇය දකින සියලූ දෙනා ඇය ආබාධිත යැයි සිතුවද ඇයගේ අත පය ඔබේ මගේ මෙන් හොදින් ක්‍රියා කරන්නේය.අවශ්‍ය වූ විටෙක මේ ලී පටි ගලවා දමන චෝල් දෙපයේ ආධාරයෙන් නැගී සිට වැඩකටයුතු කරන්නීය.

සිය ‘ආශාව’දමනය කරගත්තද තමන්ට ඇතැම් අවස්ථා වලදී යළිත් අනතුරක් කරගෙන හෝ සිය දෙපා අඩපණ කරගැනීමට සිතෙනා බව කියන

චෝල් සිය මෝටර් රථය බිත්තියකට ධාවනය කර අනතුරක් කර ගැනීමට තමන්ට සිතෙනා වාර අනන්ත බව පවසන්නීය.

අවදානම වැඩි හෙයින් එසේ නොකොට ‘දෙපා අප්‍රාණික කර ගැනීමේ’ සැත්කමක් කර ගැනීමට ඇය වෛද්‍ය පිහිට පතා ඇත්තීය.එහෙත් එකදු වෛද්‍යවරයෙක් හෝ ඇයගේ දෙපා පණ නැති කිරීමේ ‘ප්‍රතිකාරය’කරීම ප්‍රතික්ෂේප කර ඇත්තේය.

දෙපා වලින් නැගී සිටින විට චෝල් ගේ ක්‍රියාකාරකම් වනුයේ හිම මත ලිස්සා යෑම,කදු හා ගිරිදුර්ග තරණය කිරීම වැනි අවදානම් සදගත ක්‍රියාවන්ය.වරෙක හිම මත ලිස්සා යෑමේදී සිදුවුනු අනතුරකින් චෝල් ආඝාත තත්ත්වයට පත්නොවී බේරී ඇත්තේ අනුනවයෙනි.තමන්ගේ සහය නොලැඛෙන තැන

චෝල් දැන් උත්සාහ කරනුයේ මෙවන් අවදානම් ක්‍රියාවන්හි නිරත වී හෝ අනතුරක් කරගෙන දෙපා අහිමි කර ගැනීමට බව වෛද්‍යවරුන් කියන්නේය.