IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා ඔත්තු සේවා ඔබාමා ගැනත් ඔත්තු බලලා

ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සිය, සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත, ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ගැන ද ඔත්තු බලා ඇතැයි ඊයේ (21) අනාවරණය විය.
මේ බව හෙළි කළේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ හිටපු නිලධාරී රුස් ටයිස්ය. මොහු සී.අයි.ඒ. නිලධාරියකු ලෙස කටයුතු කළේ බුෂ් ජනපති ධුරය හොබවද්දීය.
එන්.එස්.ඒ. ඒජන්සිය, ඔබාමා ගැන ඔත්තු බලා ඇත්තේ 2004 දී ඔබාමා සෙනෙට් අපේක්ෂකයකු වූ අවස්ථාවේදීය. ඒ, ඔබාමාගේ දුරකතන පණිවුඩවලට කන් දෙමිනි.
රුස් ටයිස් මේ බව පැවැසුවේ ‘හෆින්ටන් පෝස්ට්’ නමැති ඇමෙරිකානු පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡුාවකදීය.
ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සිය, සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මත ඇමෙරිකානුවන්ගේ දුරකතන සංවාදවලට කන් දෙමින් ඔත්තු බලන බව මුලින්ම අනාවරණය කළේ ඇමෙරිකානු ජාතික එඞ්වඞ් ස්නෝඩන්ය. ඒ, මීට සති කිහිපයකට පෙරය.
ස්නෝඩන්, බි‍්‍රතාන්‍යයේ ‘ගාඩියන්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඒ බව කීවේ ඇමෙරිකාවෙන් පිට වී ඇවිත් චීන පාලනය යටතේ පවතින හොංකොං රැඳී සිටිමිනි.
ස්නෝඩන් කළ එම හෙළිදරව්වෙන් පසු ඇමෙරිකාවේ බුද්ධි අංශ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු රැුසක් අනාවරණය විය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඔවුන් ස්නෝඩන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවය.



අදහස් (0)

ඇමෙරිකා ඔත්තු සේවා ඔබාමා ගැනත් ඔත්තු බලලා

මුරුගන් Saturday, 22 June 2013 05:20 PM

ඇමරිකාවේ ජනාදිපති කවුරු වුනත් රට දුවන්නේ එක්කෝ රිපබ්ලිකන් එකට නැතිනම් ඩිමොක්‍රටික් එකට ඕන විදිහට. සිඅයිඒ එක වැඩ කරන්නෙත් දිනපු පක්ෂෙට...(අ)

:       0       0

දිවියා Sunday, 23 June 2013 02:54 PM

කෝ අර 'ට්‍රාන්ස්පේරන්සි'? (නි)

:       0       0

සංජු Sunday, 23 June 2013 08:32 AM

රටක් පාලනය කරන විට ජනතාව දැනගත යුතු දේවල් සහ ජනතාව නොදැන ගත දේවල් බොහෝමයක් තියෙනවා. නමුත් ආසියානු කලාපිය රටවල් වලට මෙම අවස්ථාව නැහැ (නි)

:       0       0

සමන් ලංකාතිලක Saturday, 22 June 2013 08:45 PM

ඕක අහන්නත් දෙයක්ද? ඇමෙරිකානු ජනාධිපති කියන්නෙ සී.අයි.ඒ රූකඩයක්. සී.අයි.ඒ එකට අවශ්‍ය පුද්ගලයෙක්ව තමයි ජනාධිපති වෙන්න ඉඩදෙන්නෙ. CIA එකට අවශ්‍ය පුද්ගලයන්ට විතරයි අනාගත ජනාධිපති වීමට අවශ්‍ය අඩිතාලම දමාගන්න ඉඩදෙන්නෙ. සී.අයි.ඒ සංවිධානයට අනවශ්‍ය වුනාම සිටින ජනාධිපතිලව ඉවත්කරපු අවස්ථාත් ඕනතරම් තියෙනවා(හොඳින් හෝ නරකින්) (අ)

:       0       0

ප්‍රසන්න Sunday, 23 June 2013 04:07 AM

කෝ ඇමෙරිකාව කියන මානව හිමිකම්? එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කෝ? සමන් ලංකාතිලක, ඔබේ අදහස හරි. (නි)

:       0       0

උදය Sunday, 23 June 2013 02:10 PM

සමහර විට මිෂෙල් ගේ වැඩක් වෙන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site