ඉන්දීය සංචාරය නිමාකිරීමෙන් පසු ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (27) සවස සිංගප්පූරුවට පැමිණියේය.
ඉන්දීය සංචාරයේ දී මෙන් උප ජනපතිවරයා සමඟ ඔහුගේ බිරිය සහ ව්‍යාපාරික කණ්ඩායමක් ද සිංගප්පූරුවට පැමිණියහ.
උප ජනපතිවරයා සහ සිංගප්පූරු අගමැති ලී සියෙන් අතර විශේෂ සාකච්ඡුාවක් ද පැවැති අතර එහිදී ඇමෙරිකාවත් සිංගප්පූරුවත් අතර වෙළෙඳ ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි.
උප ජනපති බයිඩන් ඊයේ (26) සවස සිංගප්පූරු සංචාරය අවසන් කර ජපානයට යෑමටත් ජපන් අගමැති ෂෙන්ෂෝ අබේ හමුවීමටත් නියමිතව සිටියේය.