වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමේ අරමුණින්, ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (22) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණියේය.
එහිදී ඉන්දීය රජය සමඟ පරමාණු බලශක්ති කටයුතු ගැන ද ඇමෙරිකා උප ජනපතිවරයා සාකච්ඡා කළේය.

ඊයේ (23) ඔහු මුම්බායි නුවර පැවැති වෙළෙඳ සම්මන්ත‍්‍රණයකට ද සහභාගී වූයේය. එහිදී ඔහු ඉන්දීය ව්‍යාපාරිකයන් සහ සරසවි සිසුන් හමුවී සාකච්ඡුා පැවැත් වූ බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකා උප ජනපති ජෝ බයිඩන් සහ බිරිය (වමේ) ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ගිය අවස්ථාව...