උපන් ඇදුමින් ‘‘සැරසී‘‘ දේශන වලට සහභාගී වන්නට හංගේරියාවේ කපොස්වාර් සරසවියේ සිසුහු කටයුතු කළහ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසු සිසුවියන් අඳින පළඳින ආකාරය ගැනත් නීති දැමිමට විරෝධය පළ කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි.

නව නීති අනුව විශ්වවිද්‍යාලයට පැමිණීමේදී සිසුවියන්ට කොටට ඇඳිමට,වත්සුණු තැවරීමට,තොල් ආලේපන නිය ආලේපන තැවරීම ආදිය සිදු කිරීමට අවසර නැත.සිසුන්ට කොට කලිසම් ඇඳීම,ටී ෂර්ට් ඇඳිමට ආදියට අවසර නැත.

ඇදුම් පැළදුම් ගැන මෙවන් නීති ගොන්නක් පිළිපැදීමට නම් කළ යුත්තේ ඇදුම් නොඇඳ සිටීම බව තීරණය කළ තමන් මෙසේ නිරුවතින් විශ්වවිද්‍යාලයට පැමිණි බව සිසුහු පැවසූහ.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල බළධාරීන්ගේ අදහස වන්නේ වෘත්තිකයන් වීමට අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඇඳුමේ පැළඳුමේ සිටම තම තමන් පාලනය කර ගැනීම ගැන උගත යුතු බවය.මෙවන් නීති හදුන්වාදීමේ අරමුණ වූයේත් එය යැයිද ඔවුහු කීහ.