දිනපතා ඇට වර්ග ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත.
සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඇට වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.
චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.
එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පෙර අපේ හිටපු ජනාධිපතිවරයෙක් ඕක හොයාගත්තේ (නදී)
හොඳ ලිපියක් (නි)
ඒ සොයා ගත්තු එක්කෙනා මොන ජාතියේ ඇටද දන්නේ නැහැ කන්නේ (නදී)
මතකද ජේ.ආර් ගේ ඇට අට ප්‍රතිපත්තිය , පස්සේ ඇඟේ ඇටෙත් නැතිව ගීයා (නදී)
හොඳ ලිපියක් (නි)
වෛද්‍ය විද්‍යාවට අනුව සෑම ඇට වර්ගයක්ම මෙම ඝනයට වැටෙන්නේ නැහැ. ඉන්ටෙර්නෙට් ආශ්‍රිතව තව කරුණු සොයා බලන්න. රටකජු සහ කජු මේදය සහ කොලොස්ටරෝල් වර්ධනයට හේතු කාරකයෝ. ඉතා ගුණ ආහාරයක් නිසා සමබර කර ගන්න. මෙයත් හරියට අර රතු වයින් කතාව වගේ. බුද්ධිමත්ව භාරගන්න. අනිත් අතට මේ සොයා ගැනීම අලුත් ආරංචියක්ද නොවේ. චීනයත් අමෙරිකාවත් රටකජු නිෂ්පාදනයට ප්‍රධාන රටවල්. ඔවුන්ගේ රටකජු තොග අතිරික්තයක් ඇතිවන විටදීත් මෙවැනි ප්‍රචාර නිර්මාණය කරනවා. ඔය වෙළඳ ගැට වලටත් අසුනොවී ඉන්න අපි බුද්ධිමත් විය යුතුයි. (නදී)
කජු කිලෝවක් රුපියල් 2000 පමණ වෙනවා. මිල ගැන අහනකොට නම් ඔය කියන ලෙඩේ වැඩිවෙනවා කෑවම කොහොමද කියා නම් දන්නේ නැහැ. (නදී)
හොඳ ලිපියක් ඒත් කෘමිනාශක නොයෙදූ ඇට වෙන්න ඕනා (නදී)