IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආහාර සුරක්ෂිතතා පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතිය

සාගින්න සහ මන්දපෝෂණය තුරන් කිරීමේ අරමුණින්, ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ රජය ඉදිරිපත් කළ ආහාර සුරක්ෂිතතා පනත් කෙටුම්පත එරට  පහළ මන්තී‍්‍ර මණ්ඩලයේදී පෙරේදා (26) අනුමත විය.

වාද විවාද මැද එම ආහාර සුරක්ෂිතතා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කොංග‍්‍රස් පක්ෂ රජය සමත් වීම මෑත ඉතිහාසයේදී එම පක්ෂය ලැබූ විශිෂ්ඨ ජයග‍්‍රහණයක් යැයි  දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ආහාර සුරක්ෂිතතා පනත් කෙටුම්පත මීට පෙර ඉහළ මන්තී‍්‍ර මණ්ඩලට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ද එය අනුමත විය.

සම්මත වූ නව පනත යටතේ කි‍්‍රයාත්මක වන ආහාර සහන වැඩපිළිවෙළ හරහා ඉන්දීය ජනගහනයෙන් තුනෙන් දෙකකට එනම්, කෝටි 80 ක් දිළිඳු ජනතාවට ආහාර සැපැයෙනු ඇත. එක් පුද්ගලයකුට මසකට ධාන්‍ය කිලෝ ග‍්‍රෑම් 5 බැගින් නොමිලේ ලැබෙයි.

මේ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම මේ වනවිට සකස් වී අවසන් අතර, ලබන මාසයේ සිට මෙම ආහාර සහන සේවා වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙයි.
කොංග‍්‍රස් රජය ‘ආහාර සුරක්ෂිතතා පනත’ කෙටුම්පත් කළේත් සම්මත කර ගත්තේත් ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් යැයි භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරති.

දුෂණ වංචා චෝදනා හේතුවෙන් ඉන්දීය ජනතාවගේ අප‍්‍රසාදයට පත්ව සිටින අගමැති මන්මෝහන් සිං සහ සෝනියා ගාන්ධිගේ කොංග‍්‍රස් පක්ෂය ඡුන්ද වාසි ගැනීමට සැරැසෙන බවට ද භාරතීය ජනතා පක්ෂය චෝදනා කර ඇත.

සාගින්න සහ මන්දපෝෂණය ඉන්දියාවෙන් තුරන් කිරීමේ අරමුණින් පනත සකස් කළේ යැයි පෙරේදා ලොක් සභාව අමතමින් කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි කියා සිටියාය. පැය 9 ක් තිස්සේ පනත සම්බන්ධයෙන් විවාදයක් පැවැති අතර ඡන්ද විමසුම පැවැත්වුණේ ඉන්පසුවය.

කෙසේ නමුත් ඡන්ද විමසුම සිදුවෙද්දී, සෝනියා ගාන්ධි සභා ගර්භයේ නොසිටියාය. ඊට හේතුව හදිසියේ රෝගී වීම නිසා ඇය රෝහල් ගත වීමය.

සෝනියා ගාන්ධි රෝහලට ගියේ පුතු රාහුල් සහ සමාජ සාධාරණත්වය සහ බලගැන්වීම පිළිබඳ ඇමැතිනී කුමාරි සෙල්ජා ද සමඟය.

සෝනියා ගාන්ධි පැය 5 ක් රෝහලේ සිටි බවත් ඊයේ (27) රෝහලෙන් පිටව ගිය බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
67 හැවිරිදි සෝනියා ගාන්ධි පසුගිය දින දෙක තිස්සේ උණ රෝගයකින් පෙළුණු බවත් ඇය රෝහල්ගත කිරීමෙන් පසු පරීක්ෂණ කිහියකට යොමු කරන ලද බවත් කොංග‍්‍රස් පක්ෂය පැවැසීය.

 

සෝනියා ගාන්ධි ඇමැතිනී කුමාරි සෙල්ජා ද සමඟ රෝහලට ගිය අවස්ථාව

 



අදහස් (0)

ආහාර සුරක්ෂිතතා පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතිය

ධම්ම Wednesday, 28 August 2013 03:34 PM

ඉන්දියානු රුපියල අපේ රුපියල ළඟටම ඇවිල්ලා. ඇට කිලෝ පහ නිකන් දෙන්න ගියාම අපටත් පහලින් ඉඳීවි. (ස)

:       0       0

දසුනි Wednesday, 28 August 2013 09:59 PM

සාගින්න,මන්දපෝෂණය ඔය වචන අපේ රටේ නම් ඇහෙන්නෙත් නැති තරම්. අපි දැන් කතා කරන්නේ,අධිවේගී,ගුවන් පාලම්,ගුවන් තොටුපොළවල්, වරායන්,සංවර්ධනය ගැන විතරමයි.පුදුමයි නේද?.(නදී)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 11:21 AM

අපෙත් ඔහොම පනතක් ගෙනාවොත් අමත්‍යංශ කීයක් සුද්ද කරන්න වේවිද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site