IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ආසියා ලේත් ඇමෙරිකානුවන්ගේ ඇ‍ඟේ

වසර 24,000 ට පෙරාතුව දකුණු මධ්‍යම සයිබීරියාවේ දී මියගිය වයස අවුරුදු හතරක් පමණ වූ පිරිමි ළමයකුගේ ඇට සැකිල්ලක කොටසක් ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ඇමෙරිකානුවන්ගේ මුල් සම්භවය සිදුව ඇත්තේ යුරෝපයේ බවයි. ඔවුන් පවසන්නේ අතීත හිමයුගයේ දී යුරෝපයේ සිට සංක්‍රමණය වූ මුතුන් මිත්තන්ගෙන් ඇමෙරිකාව ජනාවාස වී ඇති බවයි.

පර්යේෂකයන් පවසන්නේ වර්තමාන ඇමෙරිකානුවන්ගෙන් සියයට 30 ට වැඩි පිරිසක් පැවත එන්නේ සයිබීරියාවේ දී වසර 24,000 පෙර මියගිය මේ දරුවාගේ ජාන සැකසුමට අනුව බවයි.

මෙම අධ්‍යයනය කළ ඩෙන්මාර්කයේ කෝපන්හේජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්කි විලර්සි පවසන්නේ මේ සොයා ගැනීම පුදුමයට කරුණක් බවයි. ඔහු පෙන්වාදෙන්නේ නූතන ඇමෙරිකානුවන් සම්භවය වී ඇත්තේ නැගෙනහිර ආසියානුවන්ගේ සහ යුරෝපීය මිශ්‍ර ජාතියක් ලෙස බවයි.

සයිබිරියාවේදී මේ ඇටසැකිල්ල හමුවී ඇත්තේ 1920 දී ය. රුසියාවේ පුරාවිද්‍යාඥයන් විසින් එය ගොඩගෙන ඇත්තේ සයිබීරියාවේ මෝල්ටා ගමට නුදුරින් වූ බෙලයා නමැති නදිය ආසන්නයෙනි. කෝපන්හේජන් සරසවියේ විද්‍යාඥයන් එම ඇටසැකිල්ලේ අස්ථි කොටසකින් ඩී.එන්.ඒ. ලබාගෙන ඇමෙරිකා ජනතාවගේ ඩී.එන්.ඒ. සමග සන්සන්දන කැර ඇත

වසර 24,000 ට පෙර මියගිය මේ දරුවාගේ ඩී.එන්.ඒ.වල ඇති වර්ණ දේහ සහ සෛලවල ශක්තිය නිපදවන මයිටකොන්ඩ්‍රම අද යුරෝපීය ප්‍රදේශ වටකරගෙන ජීවත්වන බටහිර ආසියාවේ සහ අප්‍රිකාවේ කලාපවල ජනතාවට සමානත්වයක් දක්වන බව ද තහවුරු වී ඇත. ඔවුන් චීන, කොරියන් හෝ ජපාන ජනතාව සමග සමානතාක් නොදක්වයි. කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් පෙනීගොස් ඇත්තේ ඇමෙරිකානුවන් නැගෙනහිර ආසියාවේ මිනිසුන්ට බොහෝ දුරට සමාන බවයි. මේ ළමයාගේ මරණයෙන් පසු ගතවූ කාලයේ දී නැගෙනහිර ආසියානුවන් හා යුරෝපීයයන් සම්මිශ්‍රණය වී ඇති බව ද පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඔහුගේ ප්‍රවේණි ද්‍රව්‍ය අනුව පැහැදිලි වන්නේ අදින් වසර 24,000 ට පෙරාතුව සයිබිරියාවේ ජීවත්වූවන්ගේ වර්ණ දේහ පළමු ඇමෙරිකානුවන්ගේ වර්ණ දේහ වලට දායක වන්නට ඇති බවයි.

පර්යේෂකයන් පවසන්නේ මේ ළමයාගේ අස්ථි කොටසින් ලබාගත් ඩී.එන්.ඒ. තොරතුරු අනුව ඇමෙරිකානුවන් සයිබීරියාවෙන් පැමිණි මිනිසුන් කොට්ඨාශයක් ද යන්න තහවුරු කැර ගත යුතු බවයි. ඇමෙරිකානුවන්ගේ සම්භවය පිළිබද පුදුමසහගත හා ඇදහිය නොහැකි ආකාරයේ මතවාදයක් ආරම්භ කිීමට මේ පර්යේෂණය ඉවහල් වී ඇත. කෙසේ වෙතත් මෙම පර්යේෂණය සිදු කිරීමට පෙර ද හමුවූ අවුරුදු 9000ට පෙර මියගිය නෙත්මික් මිනිසාගේ ‍සැකිල්ල සම්බන්ධ පරීක්ෂණ කළ විද්‍යාඥයන් කියා සිටියේ ද ඇමෙරිකානුවන් යුරෝපයෙන් සම්භවය වූවන් බවයි.

අදින් වසර 15,000 ක් දක්වා ඇමෙරිකාවත් නැගෙනහිර ආසියාවත් අතර මුහුදේ තිබූ අයිස් මතින් නැගෙනිහිර ආසියාවේ මිනිස් කණ්ඩායම් ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇමෙරිකාව ප්‍රථම මිනිස් වාසස්ථාන පිහිටුවාගන්නට ඇතැයි පර්යේෂකයන් පවසයි.

 

 



අදහස් (0)

ආසියා ලේත් ඇමෙරිකානුවන්ගේ ඇ‍ඟේ

වන්නි තිලක් Monday, 25 November 2013 10:13 AM

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික මිනිසුන්ගේ (ඇබෝරිජින්) සහ ලංකාවේ වැඩි ජනතාවගේ ජාන සමානයි. මධ්‍යම ඇමරිකාවේ බිහිවූ කුඩා එළුවෙක් වැනි සතෙක් සයිබීරියානු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙලා අද සිටින අශ්වයා දක්වා පරිණාමනය වෙලා තිබෙනවා. අතීතයේ ලෝකේ යම් යම් විධි වලින් මහාද්වීප අතර සම්බන්ධකම් තිබූ බවයි මින් පෙනෙන්නේ. (නි)

:       0       0

නීල් Monday, 25 November 2013 04:57 PM

අනේ සෑම්, ඔයා දැන්වත් ඕක ඔලුවට අරගෙන හිතා බලන්න කුමක්ද ඇත්ත කියලා? (නි)

:       0       0

sam Sunday, 24 November 2013 11:17 PM

එතකොට ආදම් නේද පලවෙනි මිනිසා කියන්නේ.ආදම් නම් ඉපදිලා තිබෙන්නේ වසර 7000 කට පෙරනේ .ඒ කියන්නේ දෙවියන් වහන්සේ මිනිසාව මවන ලදී කියන එක පුස්සක් වෙනවා කියන එකනේ .මේ ළමයාගේ වයස 24000 වසරකට කිට්ටුයිනේ .(ස)

:       0       0

සමන් Tuesday, 26 November 2013 11:06 PM

අපි මේ ගැන වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

රෝමා Monday, 25 November 2013 12:51 PM

ලෝකය මැවූ දෙවියන් වහන්සේටවත් මතක නැතුව ඇති එය කළ දින වතවානු... (නි)

:       0       0

ජයන්ත Monday, 25 November 2013 03:54 AM

මම අහලා තිබෙන විදිහට දෙවියන් වහන්සේ ආදම්ව මැව්වේ ලෝකය මවපු කාලයේමයි. ලෝකය මැව්වේ කවදාද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් වසර 24000 කට වැඩිය පෘථිවියට වයස බව නම් දන්නවා. (නි)

:       0       0

ජයන්ත Monday, 25 November 2013 04:04 AM

වටිනා ලිපියක්, ස්තුතියි (නි)

:       0       0

චින්තක Tuesday, 26 November 2013 08:39 AM

කිම් හරි. (නි)

:       0       0

හේරත් Monday, 25 November 2013 07:58 PM

සමහරුන්ගේ ඇඟේ ලේ නම් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ගිනි (නි)

:       0       0

ලාල් Monday, 25 November 2013 01:19 PM

අපොයි වෙලා තියෙන අපරාධයක්? (නි)

:       0       0

උපාලි Monday, 25 November 2013 06:01 AM

ඕකනේ කියන්නේ. ආසියාවෙන් ලැබුන ලේ වල ණය ගෙවන්න ඒ අය වියට්නාමයේ ලේ නෑයෝ කොච්චර නම් බිහිකරලා ගියාද? ඉතින් නරකද? (නි)

:       0       0

රතූ Tuesday, 26 November 2013 09:37 AM

අපේ ඉන්දියාව නිසා බටහිර මිනිස්සු ඇමෙරිකාව සොයා ගත්තා.(නදී)

:       0       0

දාස් Tuesday, 26 November 2013 06:31 PM

අපෝ ඕව මොනවද ජැක්සන් ගෙන් ඇහුවා නම් අපිටත් නෑ කමක් හදල දේවි.(නදී)

:       0       0

ලොකු Monday, 25 November 2013 09:15 PM

එතකොට පරිණාමවාදයට මොකද වෙන්නේ? (නි)

:       0       0

සෑම් Monday, 25 November 2013 09:35 PM

මගේ නමින් ප්‍රතිචාර දාන්නේ කවුද? අනෙක දෙවියන් ගැන අනවශ්‍ය දේවල් කියන්න එපා (නි)

:       0       0

වීර Wednesday, 27 November 2013 06:57 PM

අපේ ඇඟේ නම් අරාබි ලේ නැහැ (නි)

:       0       0

මාධවී Monday, 25 November 2013 08:38 AM

දන්නේ නැද්ද ශ්‍රී ලාංකිකයන්ට , පකිස්තානුවන්ට ,ඇෆ්ගනියන්ට තියෙන්නේ එකම ජාන කියලා බටහිර වෛද්‍යවරු සොයාගෙන තිබෙන බව. (නි)

:       0       0

කිම් Monday, 25 November 2013 10:26 PM

මෙතන ඇමෙරිකානුවන් කියන්නෙ මුල් පදිංචි කාරයන් වන රතු ඉන්දියානු වරුන්ටයි. .අපි දැන් අමෙරිකානුවන් කියන්නෙ බටහිර යුරොපයෙන් මෑතකදි සංක්‍රමනය උන අයට..(ස)

:       0       0

ජෝසප් Sunday, 24 November 2013 09:57 PM

‍ පොසිල හම්බ වුනා නම් තමා කෙලිය. නිජබිම් කිය කිය අර තමිල්නාඩු කාරයින්ගේ බේරිල්ලක් නැතිවෙයි.. (නදී)

:       0       0

ශලිනි Monday, 25 November 2013 09:43 AM

ඇමරිකානුවන් කියා වෙනම ජාතියක් නිශ්චිත නැහැ.වෙන රටවලින් සංක්‍රමණය වූ අය තමයි ගොඩක් ඉන්නේ.ස්වදේශිකයින් නම් ඇත්ත ඇමරිකානු ජාතිකයින් කියන්න පුලුවන්.වයිකින්වරුත් ඉස්සර ඇමරිකාවට පය ගහලා තියෙනවා. (නි)

:       0       0

චන්ද්‍ර Thursday, 28 November 2013 12:16 PM

වන්නි තිලක් කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඇබෝරිජින් වරු සහ වැදි ජනතාවගේ කිසිම වෙනසක් නැහැ.හැබැයි ඉතින් කැලේ හිටියත් අපේ වැදි ජනතාවට ඇබෝරිජින්ලට වඩා චාරයක් තියෙනවා. (ස)

:       0       0

සරත් Tuesday, 26 November 2013 12:44 PM

සෑම් කොහොමද දන්නේ ආදම් ඉපදුනේ මිට වසර 7000 කලින් කියලා. උපන් දින පාටියට යන්න දිනෙත් කියනවද ? නිකන් මෝඩ කතා කියන්න එපා අපි නොදන්නා දේවල් ගැන බොරුවට කියවන නරක පුරුද්ද නැති කර ගන්න ඕනා. මේ නිවුස් එක නම් අපි දන්නේ ගොඩක් කල්.(නදී)

:       0       0

මාටින් Tuesday, 26 November 2013 12:59 PM

වන්නි තිලක් හරි, ඔයා කියන එළුවාගේ පිටේ නැගල ආපු කොලුවාගේ පොසිල වෙන්න බැරිද මේ හම්බ වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 770 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 97 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 88 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1308 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1734 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2799 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1493 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site