IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න එපා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (4) ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.

ඉකුත් 21 වැනිදා සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරයට එරට රජය සම්බන්ධ දැයි ස්ථිරව දැනගන්නා තුරු සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වලකින්නැයි මහ ලේකම් මූන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

එම විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායමක් සිරියාවට ගොස් පරීක්ෂණ පැවැත්වීය. එම පරීක්ෂණ අවසන් වූයේ ඉකුත් 31 වැනිදාය.

විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට සාක්ෂි රැසක් ලැබුණු බවත්, ඒ ගැන අවසන් වාර්තාවක් සති තුනකින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට සහ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පරීක්ෂකයෝ එම අවස්ථාවේදී පැවැසූහ.

විස වායු ප‍්‍රහාරය එල්ල කළේ සිරියානු රජය යැයි කැරැලිකාර පාර්ශ්වය චෝදනා කරන අතර සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය චෝදනා කරන්නේ විස වායු ප‍්‍රහාරය කැරැුලිකරුවන් විසින් සිදු කරනු ලැබූවක් කියාය.

සෙරීන් විස වායුව රසායනික අවියක් ලෙස භාවිතයට ගැනෙන අතර ඇමෙරිකාව චෝදනා කර ඇත්තේ විශාලතම සෙරීන් විස වායු තොගය ඇත්තේ සිරියානු රජය සතුව කියාය.
 



අදහස් (0)

ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න එපා

කුමාරි Thursday, 05 September 2013 12:10 PM

ඇමරිකාවට ඕනේ නම් ගහනවා නැත්නම් නිකන් ඉන්නවා (දී)

:       0       0

ජයරංග සුරවීර Friday, 06 September 2013 12:14 AM

ලංකාවත් ලගදිම යෝජනාවක් සම්මත කරයි.(නදී)

:       0       0

මංගල කොලොන්නාව Friday, 06 September 2013 12:46 AM

මෙයා මෙහෙම කිවූ එකේත් යටි අදහසක් ඇති.ඒක මොකක්ද කියලා හෙට අනිද්දා දැන ගත හැකිවේවි (නි)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 05 September 2013 02:08 AM

ලොකු පුදුමයක් බෑන්කි මූන් මෙසේ කීම. කුමක් නිසා මෙසේ කිවුවාද දන්නේ නැහැ (නි)

:       0       0

රත්න Thursday, 05 September 2013 01:13 PM

ඔන්න ඔහේ දීලා දාන්න මූන් මහත්තයෝ සවුත්තු වෙන්නේ නැතුව. අපි නම් ඇමෙරිකාවට මුකුත් කියන්නේ නැහැ. (නි)

:       0       0

ගමේන් Thursday, 05 September 2013 01:19 PM

අපි කැමති නැහැ සිරියාවට ගහනවට.(නදී)

:       0       0

උපාලි Thursday, 05 September 2013 09:04 AM

මට බයේ බෑ බෑන් කි මුන්ට තරහ ගියොත් මොනවා කරයිද කියල. ඇමෙරිකාව වෙව්ලන්න ඇති බය වෙච්ච පාර. පරීක්ෂකයන්ගේ වාරතාව මොකක් වුනහම මොකද. ඇයි, ඉරාකෙදිත් පරීක්ෂණ වාරතාවෙන් කිව්වේ රසායනික අවි නැහැ කියලනේ. ඒත් මොකද වුනේ? සිංහයයි, හාවයි. (අ)

:       0       0

රිෂාර්ඩ් Thursday, 05 September 2013 10:00 AM

අමෙරිකාවත් දෙකඩ වීම වැඩි ඈතක නෑ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site