IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආරක්ෂක මණ්ඩල තානාපතිවරු සිරියාවට යන්න සූදානම් වෙති

තමන් සතු රසායනික අවි අන්තර්ජාතික පාලනයට යටත් කිරීමට සිරියානු රජය කැමැත්ත පළ කිරීමත් සමඟ එම කටයුතු සඳහා සිරියාවට යෑමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල තානාපතිවරු සහ නියෝජිතයෝ සූදානම් වෙති.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සාමාජික රටවල් 15 ක් අයත් වෙයි. එම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, රුසියාව සහ චීනයයි. රුසියාව සහ චීනය සහාය දෙන්නේ සිරියානු ජනපති අසාද්ගේ රජයටයි.

සිරියාවට ගොස් සිරියානු රජයේ අවසරය පරිදි, එරට රසායනික අවි නිෂ්පාදන කම්හල් ගැන සොයා බැලීමටත්, එම අවි තම භාරයට ගැනීමටත් ආරක්ෂක මණ්ඩල තානාපතිවරු සහ නියෝජිතයෝ සූදානම් වෙති. ඔවුන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී, එම කටයුතු සිදු කරන අයුරු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළේය.

රසායනික අවි අන්තර්ජාතික පාලනයට යටත් කිරීමට සිරියානු රජය කැමැත්ත පළ කළේ,  රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ප‍්‍රමුඛ රුසියානු රජය කළ යෝජනාවකට එකඟ වෙමිනි.

සිරියාව එම තීරණය ගත්තේ, ඇමෙරිකාව සිරියාව සම්බන්ධයෙන් හමුදාමය මැදිහත් වීමක් කිරීමට සූදානම් වෙමින් සිටිද්දීය. සිරියාවට පහර දෙනවද නැද්ද සම්බන්ධයෙන් ජනපති ඔබාමා සැකැසූ යෝජනාවලියක් එරට කොංග‍්‍රස් මණ්ඩලයේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණු අතර සිරියානු රජය ගත් එම තීරණය හේතුවෙන්, ජනාධිපති ඔබාමා කියා සිටියේ, සිරියාව ගත් එම තීරණයට තම අනුමැතිය ලබා දෙන බවත් සිරියාවට එරෙහිව කඩිමුඩියේ හමුදා ප‍්‍රහාරයක් එල්ල නොකරන බවත්ය.
 



අදහස් (0)

ආරක්ෂක මණ්ඩල තානාපතිවරු සිරියාවට යන්න සූදානම් වෙති

ලුම්බිණි Friday, 13 September 2013 11:26 AM

කලබල නැතිව හෙමින් යන්න. මේ වෙන කොටත් සිරියාව රසායනික අවි තැන තැන හංගල ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site