IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආයුධ බිම දැම්මොත් තලේබාන් සටන්කාමීන්ට බි‍්‍රතාන්‍යයෙන් මුදල්

ආයුධ බිම දමා සටන් අත්හැරියොත්, ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන්ට මුදල් ලබා දීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වන බව ”ද එක්ස්ප්‍රෙස්” පුවත් සේවය ඊයේ (3) අනාවරණය කළේය.
ඇෆ්ගන් සංග‍්‍රාමය ලබන වසරේ දී එනම් 2014 දී නිමා කිරීමට ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුළු නේටෝව බලාපොරොත්තු වන අතර සටන් අත්හරින්නේ නම්, එම අල්ලස් මුදල ලබා දීමට කටයුතු කරන බව එම පුවත්පත වැඩි දුරටත් කියා සිටී.
වසරක කාලයක් සඳහා මාසිකව තලේබාන් සංවිධානයට බි‍්‍රතාන්‍ය පවුම් 100 ක (ඇමෙරිකන් ඩොලර් 152) මුදලක් ලබා දීමට බි‍්‍රතාන්‍ය බලධාරීහු තීරණය කර ඇති බවත් ඒ සඳහා නේටෝවේ ද සහාය හිමිවන බවත් ‘ද එක්ස්ප්‍රෙස්’ පුවත්පත වැඩි දුරටත් කියා සිටී. එම කටයුත්තේ දී නේටෝව ද පවුම් බිලියන 6.6 ක මුදලක් වෙන් කර ඇතැයි ද වාර්තා වේ.
මේවනවිට බි‍්‍රතාන්‍ය සෙබළුන් 8,000 ක් ඇෆ්ගනිස්තානයේ සංග‍්‍රාමවල නියැළී සිටින අතර මේ වසර අවසන් වෙද්දී එය 5,200 තෙක් අඩු කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වේ. සෙසු පිරිස ලබන වසරේ දී ඉවත් කර ගැනීමට නියමිතය.
ඇමෙරිකා හමුදාව ප‍්‍රමුඛ නේටෝව, ඇෆ්ගනිස්තානය ආක‍්‍රමාණය කළේ 2001 වසරේ දීය. ඒ, තලේබාන් පාලනය පෙරළා දමමිනි. ඉන්පසු තලේබාන් සංවිධානය අවි අතට ගෙන සටන් ඇරැඹූ අතර, අද වන තෙක්ම ඔවුන් පරාජය කිරීමට විදෙස් හමුදාවට හැකි වී නැත.
ඇෆ්ගනිස්තානයේ හමීඞ් කර්සායිගේ රජය පිහිටුවීමට කටයුතු සැලැසුම් කර දුන්නේ ද ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ බටහිර රටවල්ය. ඇෆ්ගන් රජය පවත්වාගෙන යෑමට බටහිර රටවලින් ආධාර මුදල් ද ලබා දෙයි.
2014 වසරේ දී සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කර, විදෙස් හමුදා පිටවී ගියහොත්, ඉරාකයේ සිදුවන්නාක් මෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිලේවි යැයි ඇෆ්ගන් ජනපති ප‍්‍රමුඛ රජය බිය පළ කර තිබේ.
ඇෆ්ගන් රජයේ ඉල්ලීම මත ඇමෙරිකන් හමුදා කඳවුරු කිහිපයක් 2014 වසරෙන් පසුවත් පවත්වාගෙන යෑමට ඇමෙරිකාව පසුගියදා කැමැත්ත පළ කළේය. ඇමෙරිකා හමුදා එම කඳවුරු පවත්වාගෙන යනු ඇත්තේ ඇෆ්ගන් රජයේ කොන්දේසිවලට අනුවය.



අදහස් (0)

ආයුධ බිම දැම්මොත් තලේබාන් සටන්කාමීන්ට බි‍්‍රතාන්‍යයෙන් මුදල්

රිස්වාන් Tuesday, 04 June 2013 01:28 PM

ඔය පවුම් 100 දෙන්නේ එක්කෙනෙක්ටද නැතිනම් මුළු සංවිධානයටමද?(නදී)

:       0       0

සරත් Tuesday, 04 June 2013 01:46 PM

අන්න මාරු වැඩේ

:       0       0

කෙනත් Tuesday, 04 June 2013 09:39 PM

හාහ් හාහ් හාහ් ..."අනේ සල්ලි දෙන්නම් ගහන්න එපා" කියනවා වගේ වැඩක් නේ. කප්පමක් ගෙවා හෝ මේ කොටි වලිගය වගේ යුද්ධය අතහැරගන්න මහා බලවතුන්ට සිද්ධ වෙලා!!! ඔන්න ලගකදී ඉදල එහෙනම් ඔය කයිවරු ගහන බ්‍රිතාන්‍ය ලෝකේ දරුනුම ත්‍රස්තවාදී සංවිධානයට කප්පම් ගෙවා ජීවිතේ බේරාගෙන ඉන්න තත්වයක් බලාගන්න පුළුවන්. ඔය වගේ ඒවා මෙතෙක් උනේ කැලණිය පැත්තේ විතරයි! (නදී)

:       0       0

ඉන්දික Tuesday, 04 June 2013 09:47 PM

පරාජය බාරගැනීමක්... (නි)

:       0       0

රාජෝ Tuesday, 04 June 2013 02:45 PM

මුරුගන් ලංකාවට තිබ්බේ ඔය ටිකම 83 කරන්න. එතකොට ඔය කතාව කියන්නේ අද ඔයානේ.(නදී)

:       0       0

කම්ල් Tuesday, 04 June 2013 02:51 PM

අපේ ආයුධ තියාගෙන හිටපු ත්‍රස්තවාදී කණ්ඩායම් වලට මේ අයගේ පැත්තේ අය සල්ලි දුන්නේ මොකද දන්නැ? අපේ ආණ්ඩුවේ ආයුද බිමට දාන්නද?(නදී)

:       0       0

මුරුගන් Tuesday, 04 June 2013 10:03 AM

ඕක වෙන වැඩක් නෙවේ. ඔය සල්ලිත් අරන් යුද්ද කරයි.... කරන්නම දෙයක් නැතිනම් පරමාණුවක් ගහල දාන්න. එක්කෝ ඉදි නැති නම් යයි.(ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 04 June 2013 10:23 AM

වක්‍රා කාරව සටන් විරාමයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site