ආබාධ සහිතව මෙලොවට බිහිවන දරු දැරියන් සමාජයේ කොන් වන බවත් ඔවුන් නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට සහ කෙණෙහිලිකම්වලට ලක් වන බවත් එය පිටුදැකීමට කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කරයි.
යුනිසෙෆ් සංවිධානය එම ඉල්ලීම කළේ ඊයේ (30) වියට්නාමයේ හැනෝයි නුවරදී ‘2013 වසරේ ලෝකයේ දරුවන්ගේ තත්ත්වය’ යනුවෙන් විශේෂ වාර්තාවක් එළිදැක්වූ අවස්ථාවේදීය.
”ආබාධ සහිත දරුවන් සමාජයෙන් කොන් වෙන්නේ, සමාජය ඔවුන් නොපෙනෙන නිසයි.
ඔවුන් නිරන්තරයෙන්ම කෙණෙහිලිකම්වලට ගොදුරු වෙනවා. ඊට හේතුව සමාජීය වටපිටාවයි” යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂ ඇන්තනි ලේක් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවේ ඇත්තක් තිබෙනවා. මෙය ලෝකේ ගොඩාක් රටවල සිදුවෙනවා. මේවට විරුද්ධව කටයුතු කලොත් තමයි මේ දරුවන්ට යහපතක් සිදුවෙන්නේ (නි)
මෙහෙ තත්ත්වෙත් එහෙම තම... මම මළගෙදරක ගිය වෙලාවක දැක්ක ඩවුන් සින්ද්රොම් තියන කෙනෙක්ට කට්ටිය බොන්න දීල...
ලංකාවද දන්නෙත් නැහැ නරකම විදියට සලකන්නේ.... හැබැයි කට ඇරියොත් කියන්නේ අපි බෞද්ධ කියලා. (නි)
ඕක ගිහින් නෙටෝවට කියන්න කටෙන් කයිවාරු කොහෙන්දෝ ලා චෝරු (අ)