ඩුබායිහි සාප්පු සංකිරණයකදී ප‍්‍රසිද්ධියේ සිය පෙම්වතියගේ අත පැතූ පෙම්වතකුට අවසානයේ සිදුවූයේ පෙම්වතියගෙන්ම පහර කෑමටයි.

මුල සිටම අත පැතීමේ අවස්ථාව සැළැසුම් කර තිබෙන බවට කියන පෙම්වතා මේ කිසිත් නොදත් පෙම්වතිය සාප්පු සංකීර්ණය වෙත රැුගෙන විත් තිබේ.එහිදී සැළැසුමේ හැටියට වාදක මඩුල්ලක් සංගීතය සපයද්දී පෙම්වතා තමන් විසින්ම ලියූ ගීයක් පෙම්වතිය ඉදිරියේ ගායනා කිරීමට පටන්ගෙන ඇත.

පද මාලාව කෙසේ වෙතත් කටහඩ ගැන කියන්නටම දෙයක් නැති වීම නිසා ලැජ්ජාවට පත් පෙම්වතිය ‘‘දැන් ඇති නවත්තන්නැයි‘‘ සිය පෙම්වතා ඉදිරියේ බැගෑපත් වුවත් තමන්ගේ රැගුම් ගැයුම් නතර කළේ ඔහු නොවේ.

අවසානයේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය තැන වාදක මඩුල්ලෙන් ගිටාරයක් උදුරාගෙන ඇති ඇය එයින් තමන් ඉදිරියේ දණින් වැටුණු පෙම්වතාගේ හිසට පහරක් එල්ල කළේ මේ නාටකය බැලීමට රැස්ව සිටි දෙනොදාහක් ඉදිරියේය.

පෙම්වතා පහර කා බිම වැටී සිටියදී පෙම්වතිය වේගයෙන් වෙළද සංකීර්ණයෙන් පිටත්ව යනුත් අවසානයේ දැකගත හැකි විය.

වුවමනාවට වඩා ආදරණීය වීමේ වරද මේ යැයි සිද්ධිය දුටුවන්ගේ අදහස විය.කෙසේ වුවත් ඇතැමුන් පැවසුයේ මේ සියල්ල වෙළද දැන්වීමකට කළ රගපෑමක් යැයි කියාය.