IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ආච්චි මෝරුන්ගෙන් බේරී වාර්තාවක් තබයි

කියුබාවේ සිට ෆ්ලෝරිඩා දක්වා සැතපුම් 103ක් මුහුදු තීරය තරණය කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ඇමරිකා කාන්තාවක සමත් වුවාය. ඇය 64 හැවිරිදි ඩයනා නයඩ්ය. කියුබාවේ හෙමින්ග්වේ මරිනා වෙරළෙන් පිහිනීම ආරම්භ කළ ඇයට ෆ්ලෝරීඩාවේ කී වෙස්ට් වෙරළට ළගා වීමට පැය 53ක පමණ ගත විය.

මෝරුන්ගෙන් ආරක්‍ෂාවීම සඳහා ආරක්‍ෂිත කූඩුවක් නොපළඳාම, කියුබාවේ සිට ෆ්ලෝරිඩා දක්වා මෙම වෙළර තීරය තරණය කළ පළමු වැන්නා වීමේ වාර්තාව තැබීමට ඇය සමත් වූවාය.

මීට පෙරත් ඩයනා 2011, 2012 සහ 1978දී මෙම මුහුදු තීරය තරණය කිරීමට උත්සහ කර ඇතත් එම අවස්ථාවන් තුනම අසාර්ථක වී ඇත.

64 වියැති ආච්චි අම්මාගේ වාර්තාව ගැන ට්විටර් සමාජ ජාලයේ දෙස් විදෙස් සුභ පැතුම් පණ්විඩ විශාල සංඛ්‍යාවක් ලැබී තිබේ. මේ අතරින් ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා ‘කිසිදාක තම සිහිනයන් අත් නොහරින්න’ ලෙස පවසමින් ඇයට සුභ පැතුම් නිකුත් කර ඇත.



අදහස් (0)

ආච්චි මෝරුන්ගෙන් බේරී වාර්තාවක් තබයි

රූපවතී Wednesday, 04 September 2013 01:14 AM

සජිත් මල්ලි, ඒක නොවේ මම හිතන්නේ ? අපේ ලංකාවේ බොහෝ ඉස්ථාන දිය නෑමට නුසුදුසු ස්ථාන, මේවා ජනතාවට නොතේරෙනවා සේම වගකිව යුත්තෝ ජනතාවට දැනුම් නොදීම ..? අනික තරුණ ළමයි කවදාවත් වැවකට ඔයකට ,පිහිනුම් තටාකයකට බැහැල නැති ,නුපුරුදු අය තරුණ උන්මාදයෙන් මත්වෙලා ,යහළුවොත් සමග, විනෝද වෙන්න යනවා හරියට තේරුමක් නැතිව ,ඒ කෙන් දෙමාපියෝ වියෝ දුකින් හුල්ලනවා ..? අපි කුඩා කල වැව් වල පීනලා පීනලා ලබපු පන්නරය අද අපිට අපේ ජීවිත ආරක්ෂා කරගන්නා වගේම, හදිසියකට කෙනෙක් උවදුරකින් බෙර ගන්න දක්ෂ හැකියාවක්,වගේ මිරිදියේහි කරදියෙහි පිහිනීමේ දක්ෂ හැකියාවක් අපි ලබල තියනවා ...?අපේ රටේ ළමයිට අද පොත පතෙහි දැනුමට වැඩි යමක් ජීවිතේට එක් කරගන්න ඔවුන්ට කාලයක් නැහැ, අධ්‍යායාපනයෙන් , සමුගන්නේ ..සමාජ අධයයනය පරිසර දැනුම බිදුවට බැහැපු පළපුරුද්දක් නොමැති දරුවෝ. ඒ නිසා අපිට හැමදාම දුක් බර නිව්ස් අහන්න ලැබේවි ජීවිතේ පුරාවටම.(නදී)

:       0       0

මලිත් Tuesday, 03 September 2013 04:21 PM

සත්තකින්ම අගේ කල යුතුයි ආච්චි අම්මාගේ කි‍්‍රයාව (දී)

:       0       0

සුජීව Tuesday, 03 September 2013 04:32 PM

අද්විතීය වාර්තාවක්, මුහුදේ සැතැපුම් 103,ජිවිත ආරක්ෂක කූඩුව නැතිව, පැය 53, වයස 64, පුදුම විය යුතුය, ඇයගේ උත්සහවන්ත දෛරවන්ත ක්‍රියාවලිය ශ්‍රේෂ්ටය (දී)

:       0       0

සරසි Tuesday, 03 September 2013 04:45 PM

රුපවති මෙයාට අත්තම්ම කියන්න එපා, නංගි කියන්න (දී)

:       0       0

දුම්මලසූරිය Wednesday, 04 September 2013 02:39 AM

කැත කතා නොකියා එතරම් වයසකදිත් ඒ කාන්තාව කළ වික්‍රමාන්විත ක්‍රියාව අගය කරන්න.අපේ රටේ සමහර මිනිස්සු තමන්ට කළ නොහැකි දෙයක් වෙන කෙනෙක් කළොත් එයට ප්‍රතිචාර දක්වන්නේ ඔය විදියට තමා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 03 September 2013 04:54 PM

මෙයින් ආච්චිට වෙන යහපතක් තියෙනවද? (දී)

:       0       0

සත්‍යා Wednesday, 04 September 2013 06:05 AM

අපේ එක්කෙනෙකුත් පළවැනියා වෙලා තිබෙනවා, තවම නිල වශයෙන් ආච්චි කෙනෙක් නොවුණත්. එයා වතුර යටින් ගිනි ගෙනිහිල්ලා වාර්තා තියලා තිබෙනවා. (නි)

:       0       0

රූපවතී Tuesday, 03 September 2013 05:30 PM

සරසි නැන්දේ ...ඇත්තටම එයා අපිට වඩා වයසින් වැඩි උනත්, එයා දීල තියෙන්නේ... අපි වගේ හිස් මිනිසුන්ට ගොඩාක් ...වැදගත් තරුණ පාඩමක්... සහ ආදර්ශයක්.(නදී)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 07:46 AM

අනේ ආච්චියෙ, මුහුදු 07ක් පිහිනුවත් ලංකාවේ තංගල්ල මුහුදේ පිහිනන්න නම් එන්න එපා. එහෙ ඉන්නවා මුහුදු සිංහයෙක්. මෝරන්ට වඩා දරුණුයි (නි)

:       0       0

සජිත් Tuesday, 03 September 2013 05:45 PM

ඇත්තටම රූපවති ලංකාවේ ඇයි මේ මිනිස්සු සුළු ගැඹුරු ජලයෙදීත් මරණයට පත් වෙන්නේ. මම නම් හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට හිතේ ශක්තිය අඩුයි මෙච්චර සමුද්‍රයෙන් වට වෙච්ච රටක උනත් සුළු ගැඹුරකදී වුවත් ඔවුන් ජීවිතක්ෂයට පත් වෙනවා. .(නදී)

:       0       0

දර්ශන Tuesday, 03 September 2013 05:47 PM

මේකේ කියල තියෙනවද මේ ආච්ච එක දිකටම පිනුවා කියා. මෙයා බෝට්ටු වලත් ගියා කියලා මේක දැකපු මගේ යාලුවෙක් කිව්වා.(නදී)

:       0       0

දර්ශන Tuesday, 03 September 2013 05:47 PM

මේකේ කියල තියෙනවද මේ ආච්චි එක දිගටම පිනුව කියල මෙයා බෝට්ටු වලත් ගිය කියල මේක දැකපු මගේ යාලුවෙක් කිව්වා(දී)

:       0       0

රසල් Tuesday, 03 September 2013 06:32 PM

ආච්චිගේ නංගි කොහොමද දන්නේ නෑ. එයත් හොඳ ඇති.(නදී)

:       0       0

නීල් රණා Wednesday, 04 September 2013 10:25 AM

මේක පුදුම රටක්. දියට බැහැපු ගමන් මැරිල ගොඩ එන මේ රටේ මිනිස්සු, හැතැප්ම 103 ක් මෝරු ඉන්න මූදේ පැය 53 ක් පීනලා ලෝක වාර්තාවක් තියපු ශක්තිමත් නීරෝගී කාන්තාවට කට පුරා 'ආච්චි' කියන්න තියෙන කෑදරකම දැක්කහම, අපේ උන්දැලා ගැන දුක හිතෙනවා. (ස)

:       0       0

දිල්ශානි Tuesday, 03 September 2013 02:14 PM

කිසිදාක තම උත්සාහය අත් නොහරින්න.මගෙනුත් සුබ පැතුම්. (දී)

:       0       0

අනුර-නාවලපිටිය Tuesday, 03 September 2013 07:53 PM

අගය කලයුතු දෙයක් කුමන රටක කෙනෙක් උනත්, වයසට ගියත් දහිරියමත් කාන්තාවක්. හොද පිහිනුම් සුරියක් දෙවිපිහිටයි ඔබට.(නදී)

:       0       0

ලාමක සිල්වා Tuesday, 03 September 2013 02:58 PM

"මේකිට නාකි විසේ ඔබාමට ගෙටත් උසේ".(නදී)

:       0       0

බංඩාර Tuesday, 03 September 2013 03:23 PM

මෝඩ කතා කියන්න එපා.(නදී)

:       0       0

ඇසළ Tuesday, 03 September 2013 03:32 PM

අපේ සීයා මේක දැකලා අපෙන් ඇහුවා ' හැටත් වයසක්ද නංගී කියලා ' මම අහන්නේ බොරුවටද කියලා.. (ස)

:       0       0

රුපවති Tuesday, 03 September 2013 04:13 PM

එල් ,සිල්වා ..? බුද්දිමත් දැසකින් ලෝකය දෙස බලන්න , අප රටේ තරුණයෙක් තම තාරුණ්‍ය ,කැලැ මාරු ගාලක පටලවන්,තම ආත්මය නින්දා අපහාසයන්ට විහින් ලගාවන ,මකුළුදැල් පිරුණු ජීවිත, එක වතාවක් දිය ඇල්ලකට බැස්සොත් මළමිනිය හොයාගන්න වෙහෙසෙන රටක ජීවත්වෙන ඔයාට, මේ අත්තම්ම කියාදුන් පණිවිඩය නම්...?උත්සාහය ඇත්නම්...වයස නෙමේ ප්‍රශ්නය ...? තම අදිෂ්ඨනයන් කරා ,උත්සාහය නමැති දෙපා ගමන් කර වීමයි......!!!!ඇයට මගේ සුබ පැතුම් ...!!!! (දී)

:       0       0

හැරිසන් Wednesday, 04 September 2013 12:56 AM

රට වටේම මුහුද තිබුණත් අපේ රටේ 95% කට පීනන්න බැහැ. ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි. ඔබ හරිම දිරිය කාන්තාවක් .... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 76 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 626 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 89 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 50 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 122 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3401 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1442 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1627 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site