IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අළුත් යෝධයෙක් මතුවෙයි

සියවස් ගණනාවකට පෙර මිහිමත රජ කළ දැවැන්තයන් මිහිමතින් තුරන් වී ගියේ අති විශාල වූ රහස් ගොන්නක් පොළෝ ගැබ තුළ සඟවමිනි. මෙසේ සැඟවී තිබූ රහස් අතරින් තවත් එක් රහසක් හෙළි කර ගැනීමට යුටා සරසවියේ පොසීල විද්‍යාඥ ජේම්ස් ක‍්‍රික්ලන්ඞ් ඇතුළු ගවේශක කණ්ඩායම සමත් වූහ.

ඔවුන් ඊසාන දිග ස්පාඤ්ඤයේ අරියානෝ නගරයේ පිහිටි පැරණි ගල් අඟුරු පතලක සිදු කළ කැනීම් වලින් වසර කෝටි එකොළහක් පමණ පැරණි ඩයිනසෝර පොසිලයක් සොයා ගෙන තිබේ.

කලින් හදුනාගෙන තිබූ ඇන්කිලෝසෝරියා යන විශේෂයේ උප විශේෂයක් ලෙස මෙම නව ඩයිනසෝරයා නම් කර ඇත. නොඩොසෝරිඩියේ පවුලට අයත් මොවුන් ශාක භක්ෂකයෝය. දිගින් මීටර හයක් හා බරින් ටොන් දෙකක් පමණ වන මේ නව උප විශේෂය ‘යුරෝපයේ ගල් අඟුරු පළිහ’ යන අර්ථය ඇතිව යුරොපෙල්ටා කාබොනන්සිස් ලෙස නම් කැර ඇත.

අළුතින් සොයාගත් මේ පාශාණීභූත සත්ත්වයා උප විශේෂයක් ලෙස නම් කිරීමට හේතුව වන්නේ මොවුන්ට කඳුලූ බිඳුවක  හැඩැති හිස්කබලක් පිහිටා තිබීමමයි. අනෙක් ඇන්කියෝසෝරස් විශේෂයේ සතුන්ට ඇත්තේ ති‍්‍රකෝණාකාර හිස් කබලකි.

ක‍්‍රික්ලන්ඞ් තවදුරටත් පෙනවා දෙන්නේ යුරෝපයේ සිටින නොඩොසෝරිඩියේ සත්ත්වයන්ට වඩා උතුරු ඇමෙරිකාවේ සිටින නොඩොසෝරිඩියේ සත්්වයන් වෙනස් වන බවයි.



අදහස් (0)

අළුත් යෝධයෙක් මතුවෙයි

ගමගේ Thursday, 26 December 2013 08:58 AM

මම මෙවැනි සොයා ගැනීම්වලට බොහෝ සේ ආදරය කරන්නෙක්. මෙවැනි පොසිලමය සාධක තව තිබෙන්නට පුළුවන්. (නදී)

:       0       0

senthilnathan Wednesday, 25 December 2013 06:03 AM

මොකක්ද ඉතින් මේකේ එති පුදුමේ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site