සියවස් ගණනාවකට පෙර මිහිමත රජ කළ දැවැන්තයන් මිහිමතින් තුරන් වී ගියේ අති විශාල වූ රහස් ගොන්නක් පොළෝ ගැබ තුළ සඟවමිනි. මෙසේ සැඟවී තිබූ රහස් අතරින් තවත් එක් රහසක් හෙළි කර ගැනීමට යුටා සරසවියේ පොසීල විද්‍යාඥ ජේම්ස් ක‍්‍රික්ලන්ඞ් ඇතුළු ගවේශක කණ්ඩායම සමත් වූහ.
ඔවුන් ඊසාන දිග ස්පාඤ්ඤයේ අරියානෝ නගරයේ පිහිටි පැරණි ගල් අඟුරු පතලක සිදු කළ කැනීම් වලින් වසර කෝටි එකොළහක් පමණ පැරණි ඩයිනසෝර පොසිලයක් සොයා ගෙන තිබේ.
කලින් හදුනාගෙන තිබූ ඇන්කිලෝසෝරියා යන විශේෂයේ උප විශේෂයක් ලෙස මෙම නව ඩයිනසෝරයා නම් කර ඇත. නොඩොසෝරිඩියේ පවුලට අයත් මොවුන් ශාක භක්ෂකයෝය. දිගින් මීටර හයක් හා බරින් ටොන් දෙකක් පමණ වන මේ නව උප විශේෂය ‘යුරෝපයේ ගල් අඟුරු පළිහ’ යන අර්ථය ඇතිව යුරොපෙල්ටා කාබොනන්සිස් ලෙස නම් කැර ඇත.
අළුතින් සොයාගත් මේ පාශාණීභූත සත්ත්වයා උප විශේෂයක් ලෙස නම් කිරීමට හේතුව වන්නේ මොවුන්ට කඳුලූ බිඳුවක හැඩැති හිස්කබලක් පිහිටා තිබීමමයි. අනෙක් ඇන්කියෝසෝරස් විශේෂයේ සතුන්ට ඇත්තේ ති‍්‍රකෝණාකාර හිස් කබලකි.
ක‍්‍රික්ලන්ඞ් තවදුරටත් පෙනවා දෙන්නේ යුරෝපයේ සිටින නොඩොසෝරිඩියේ සත්ත්වයන්ට වඩා උතුරු ඇමෙරිකාවේ සිටින නොඩොසෝරිඩියේ සත්්වයන් වෙනස් වන බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඉතින් මේකේ එති පුදුමේ?(අ)
මම මෙවැනි සොයා ගැනීම්වලට බොහෝ සේ ආදරය කරන්නෙක්. මෙවැනි පොසිලමය සාධක තව තිබෙන්නට පුළුවන්. (නදී)