IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අසරණ සරණ අගමැති

නත්තල වෙනුවෙන් ලොව පුරා සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, හමුදා නිලධාරීන්ට, පුණ්‍යායතන සේවකයන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද දුරකතන ඇමැතුම් දෙමින් පෞද්ගලිකව සුබ පැතීමටත්, නිවාස අහිමි අසරණ යාචකයන් වෙනුවෙන් ආහාර බෙදීමටත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කටයුතු කළේය. ඒ, නත්තලේ සැබෑ අරුත ලොවට කියමිනි.

අග්‍රාමාත්‍ය සුනාක්, ලොව පුරා සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, හමුදා නිලධාරීන්ට, පුණ්‍යායතන සේවකයන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද දුරකතන ඇමැතුම් දෙමින් පෞද්ගලිකව සුබපැතුවේ, ‍මෙම වසරේ ඔවුන් කැපවීමෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිනි.

ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ පෞද්ගලිකව දුරකතන ඇමැතුම් දී සුබ පැතීම සියලු දෙනා පුදුමයට පත් කිරීමට ද හේතුවක් විය.

වසර 12 කට වැඩි කාලයක් තිස්සේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කරන පාකිස්තාන සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික ෂෙර්වාන් අසීෆ් ද ඒ අතර සිටී.

පසුගිය සිකුරාදා (23) දිනයේ ලන්ඩනයේ නිවාස අහිමි අසරණයන් වෙනුවෙන් පිහිටුවා ඇති අසරණ සරණ මධ්‍යස්ථානයකට ගිය අග්‍රාමාත්‍ය සුනාක්, එහි කාර්ය මණ්ඩලයට සහාය වෙමින්, ආහාර ඉල්ලා එම මධ්‍යස්ථානයට ආ අසරණයන් බොහෝ දෙනකුට ආහාර බෙදීමටත් ඔවුන් සමඟ සුහඳශීලීව කතාබහ කිරීමටත් ද අමතක නොකළේය.

මෙම අසරණ සරණ මධ්‍යස්ථානය ‘පැසේජ්’ නමැති බ්‍රිතාන්‍ය පුණ්‍යායතනය මගින් පවත්වාගෙන යන්නකි.

(ඩේලිමේල් ඇසුරිනි)



අදහස් (0)

අසරණ සරණ අගමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site