බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් ප්‍රදේශයේදී පිහි ඇනුම් වලට ලක්ව ඝාතනය වී ඇති ශී්‍රලාංකික ශීෂ්‍යයෙකුගේ මරණය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තවීෂ ලක්නිදු පීරිස් (25) නම් වන මේ සිසුවා ෂෙෆීල්ඩ්හි හෙලාම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රය සදහා වන උපාධියක් ලබා ඇති හෙතෙම සුදුසු රැකියාවක් ලැඛෙන තෙක් ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

තවීෂ ඝාතනයට ලක්වී ඇත්තේ පාරිභෝගිකයෙකු එම අවන්හලෙන් ඇනවුම් කළ ආහාර එම පාරිභෝගිකයාගේ නිවසට භාරදීමට යමින් සිටියදී බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇත.

අවන්හල් හිමිකරු පවසන ආකාරයට එදින තවීෂ තමන් එම අවන්හලේ සේවය කරන අවසන් දිනය බව පවසා තිබේ.තම උපාධියට ගැලපෙන රැකියාවක් ලැබී තිඛෙන බව කියමින් සිටි ඔහු සිටියේ උද්යෝගයෙන් බව අවන්හල් හිමිකරු කියයි.

තවීෂ ළග තිබූ මුදල් හෝ කිසිවක් පැහැරගෙන නොමැති අතර මෙනිසාම මෙම ඝාතනය ඔහු හොදින් හදුනන පුද්ගලයෙකු අතින් සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.මුලදී ආහාර ඇනවුම භාරගැනීමට සිටි පුද්ගලයාව සැක කළද ඔහු හා මෙම සිදුවීමේ කිසිත් සම්බන්ධයක් නොමැති බව අනාවරණය වී ඇත.

තවීෂගේ ඝාතකයින් ඉක්මනින්ම නීතිය ඉදිරියට ගෙන ඒම තම අරමුණ බව පොලිසිය පවසයි.