IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අවසන් දිනේ අවසන් ගමන් යයි

බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් ප්‍රදේශයේදී පිහි ඇනුම් වලට ලක්ව ඝාතනය වී ඇති ශී්‍රලාංකික ශීෂ්‍යයෙකුගේ මරණය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තවීෂ ලක්නිදු පීරිස් (25) නම් වන මේ සිසුවා ෂෙෆීල්ඩ්හි හෙලාම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රය සදහා වන උපාධියක් ලබා ඇති හෙතෙම සුදුසු රැකියාවක් ලැඛෙන තෙක් ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

තවීෂ ඝාතනයට ලක්වී ඇත්තේ පාරිභෝගිකයෙකු එම අවන්හලෙන් ඇනවුම් කළ ආහාර එම පාරිභෝගිකයාගේ නිවසට භාරදීමට යමින් සිටියදී බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිව ඇත.

අවන්හල් හිමිකරු පවසන ආකාරයට එදින තවීෂ තමන් එම අවන්හලේ සේවය කරන අවසන් දිනය බව පවසා තිබේ.තම උපාධියට ගැලපෙන රැකියාවක් ලැබී තිඛෙන බව කියමින් සිටි ඔහු සිටියේ උද්යෝගයෙන් බව අවන්හල් හිමිකරු කියයි.

තවීෂ ළග තිබූ මුදල් හෝ කිසිවක් පැහැරගෙන නොමැති අතර මෙනිසාම මෙම ඝාතනය ඔහු හොදින් හදුනන පුද්ගලයෙකු අතින් සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.මුලදී ආහාර ඇනවුම භාරගැනීමට සිටි පුද්ගලයාව සැක කළද ඔහු හා මෙම සිදුවීමේ කිසිත් සම්බන්ධයක් නොමැති බව අනාවරණය වී ඇත.

තවීෂගේ ඝාතකයින් ඉක්මනින්ම නීතිය ඉදිරියට ගෙන ඒම තම අරමුණ බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

අවසන් දිනේ අවසන් ගමන් යයි

සම්පත් Friday, 01 November 2013 09:44 AM

අපි නම් දන්නවා එංගලන්තයේ අපිට ඉන්න එකම හතුරා කවුද කියලා. පරීක්ෂණ කල යුතුය. (ස)

:       0       0

විමුක්ති Friday, 01 November 2013 10:07 AM

සාර්ථකත්වයට එන්න කොච්චර අමාරුද නේද? (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 01 November 2013 04:45 PM

ලංකාවේ වගේ මිනීමැරුම් පරීක්ෂණය යට යන එකක් නම් නැහැ.මොකද මේක වුණේ එංගලන්තේ නිසා.නමුත් අපි හැමෝටම පිටරටවල් වල ඉන්න එකම හතුරාට ඒ රටවල් වල තිබෙන ආරක්ෂාව ගැන හිතද්දී ටිකක් විතර සැක පහළ වෙනවා.බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

රූපවතී Friday, 01 November 2013 11:04 AM

පවු.හරිම දුක හිතෙන මරණයක්.ඔබට නිවන් සුව! මිනීමරුවන්ට හැකි ඉක්මනින් දඩුවම් ලැබේවා (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 01 November 2013 05:06 PM

තවීෂ බාරගන්නට යන අලුත තනතුරට අැස ගහගෙන හිටි තවත් කාගෙහරි කුමන්ත්‍රණයක්ද දන්නෙත් නැහැ. කොහොම වුණත් අපරාදයක් කරලා බේරෙනවා බොරු.අපරාදේ හොඳ තරුණ ජීවිතයක්. ඔහුට නිවන් සුව! (නි)

:       0       0

පෙටී Thursday, 31 October 2013 09:23 PM

පව් කොල්ල..අම්ම තාත්ත පවුලේ අය. තවීෂ ලක්නිදු මල්ලිට නිවන් සුව...(නදී)

:       0       0

නානි Friday, 01 November 2013 12:03 PM

පීරිස් මැතිනියනි , කිසාගෝතමීල ලොව්තුරා බුදුන් දවසත් හිටියා අම්මේ, ඔබේ පුතාට නිවන් සුව!! (ස)

:       0       0

නිමල් රණසිංහලග් Thursday, 31 October 2013 11:03 PM

මොකා උනත් කමක් නැහැ මරපු එකා මට අහු උනොත් බලාගන්න පුලුවන් කරන දේ මම.(නදී)

:       0       0

කුමාරන Thursday, 31 October 2013 11:31 PM

දයාබර සොයුර,මේ ලෝකයේ කොතැන,කාසමග හිටියත් මරණය අපිට සමගාමීයි.අපි ඔබට නිවන් සුව පතමු. (නි)

:       0       0

ලාල් Friday, 01 November 2013 02:18 AM

මිනීමැරුම ලංකාවේ වගේ යට යන එකක් නැහැ නේද රාළහාමි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1980 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site