වසර 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ආපසු රුසියාවට දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු ඇමෙරිකන් පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට ඇමෙරිකන් රජය සමත් විය.
තිස් දෙහැවිරිදි බ්‍රිට්නි ග්‍රයිනර්, ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය ඔලිම්පික් ශූරියක ද වෙයි.
පසුගිය පෙබරවාරියේ, පෞද්ගලික සංචාරයක් සඳහා ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේදී ඇය රුසියන් පොලිස් අත්අඩංගුවට පත් වූවාය. ඒ, ඇය ‘කංසා තෙල්’ ළඟ තබා ගැනීමේ වරදටය. ඇමෙරිකාවේ ‘කංසා තෙල්’ නීතිගත වුවත්, රුසියාවේ තහනම්ය. ඒ අනුව ග්‍රයිනර්ට රුසියන් අධිකරණයක් සිරදඬුවම් නියම කෙරුණි.
ග්‍රයිනර් මුදා ගැනීමේ අරමුණින් බයිඩන් පරිපාලනය මැදිහත් වී, රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීය. රුසියාව, පැසිපන්දු ක්‍රීඩිකා ග්‍රයිනර් වෙනුවෙන් ඇමෙරිකන් බන්ධනාගාරයක වසර 12 ක සිරදඬුවම් විදිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ඉල්ලා සිටියේය.
සිරකරු හුවමාරුව සිදුවූය් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය.
ඇමෙරිකන් ඒජන්තවරුන් පෞද්ගලික ගුවන් යානයකින් වික්ටෝර් බවුට් ගෙනැවිත් රුසියන් ඒජන්තවරුන්ට බාර දුන් අතර, රුසියන් ඒජන්තවරුන් ග්‍රයිනර් ගෙනැවිත් ඇමෙරිකන් ඒජන්තවරුන්ට බාර දීම සිදුවිය.
එම කටයුත්තේ දී එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන් මෙන්ම සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද මැදිහත් වී කටයුතු කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ.
රුසියානු ජාතිකයකු වන වික්ටෝර් බවුට් ලොව ප්‍රසිද්ධතම ගිනි අවි ජාවාරම්කරුය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු බවුට් සිය ගිනි අවි ජාවාරම්වල නියැලුණේය.
2008 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර හෝටලයක සිටිද්දී ආරක්ෂක අංශ බවුට් අත්අඩංගුවට ගැණුනු අතර පසුව ඇමෙරිකාවට උදර්පණය (භාරදීම) කෙරුණි.
(බීබීසී)
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අවි ජාවාරම්කරු ආපසු දී පැසි පන්දු ක්‍රීඩිකාව මුදා ගැනේ
පිටිගල මිලානෝ Friday, 09 December 2022 12:39 PM
මම නම් කිසිම ගුවන් ගමනකදී සව්දිය, රුසියාව වැනි රටවල් හරහා යන්නේ නැත.
siripaala Friday, 09 December 2022 04:16 PM
ඉතා අගනා වැඩක්. සතුයි සියලු දෙනාට.